(සිසිර නන්දන කැලේගම)
බදින තුවක්කුවකින් වෙඩි වැදී ජීවිතයත්, මරණයත් අතර හේරත්ගම වනජීවි කලාපයට අයත් නිකවැව, තිබ්බටුවැව ඉස්මත්තේ සිටි ඇත් පැටවාට සැත්කමක් සිදු කිරීම සදහා යුධ, නාවික, ගුවන් හමුදාවේ පශු වෛද්‍යවරුන් හා නිලධාරින් ඊයේ (16) සවස වන විට එම ස්ථානයට ලගා වී කඩිනම් ප්‍රතිකාර කිරීමට පියවර ගත්හ.
වන ජීවි පශු වෛද්‍ය නිලධාරින්ගේ වැඩ වර්ජනය හේතුවෙන් ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ උපදෙස් මත වැලිසර නාවික හමුදා කදවුර, කටුනායක හා සීගිරිය ගුවන් හමුදා කදවුර හා යුධ හමුදා 57 වැනි සේනාංකයට අයත් ශ්‍රි ලංකා ජාතික ආරක්ෂක බල මුලුවේ නිලධාරින් මෙහි පැමිණ සිටියහ.
ඇත් පැටවාගේ දකුණු පාදයට වෙඩි වැදී ඹඩු දුවා තිබුණු තුවාලයේ සිටි පණුවන් හා සැරව එදින සවස 6.30 - 8.00 ත් අතර කාලයේදි ඉවත් කලත්, එහි අභ්‍යන්තරයට සිදු වී තිබෙන හානිය පරික්ෂා කිරීම සදහා එක්ස් රේ ගැනීමට අවශ්‍යය වී ඇතැයි වනජීවි නිලධාරින් පැවසුහ.
දැනට සැත්කම් කර තිබෙන පාදයට ප්‍රතිකාර ලබාදීම හා ආරක්ෂාව සදහා ඇත් පැටවා හේරත්ගම වනජීවි කාර්යාලයට රැගෙන යාමට නියමිතය.
මේ සදහා හමුදාවට අමතරව වන ජීවි පශු වෛද්‍යවරුන් හැරෙන්නට වයඹ වනජීවි සහකාර අධ්යක්ෂ ප්‍රසන්ත විමලදාස, හේරත්ගම අඩවි ආරක්ෂක එච්.එම්. එල්.කේ. වාසල ඇතුලු වනජීවි සෙසු නිලධාරින් හා කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් ද පැමිණ සිටියහ.
එහිදි සැත්කම සිදු කිරීමෙන් අනතුරුව ඇත් පැටවාට වතුර බීමට දී තිබූ බදුනේ වතුර සියල්ලම හිස් වෙන ලෙසට හොඩවැළෙන් ගෙන තුවාලය දෙසට වතුර ඉසින අයුරු දැකීම රැස්ව සිටි පිරිසට සංවේදි දසුනක් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd