දිස්ත්‍රික්ක 8කට නායයෑම් අනතුරු ඇඟවීම් පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක් සඳහා නායයාමේ පුර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (02) පස්වරුවේ පියවර ගෙන තිබේ. 02 November 2024
කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වයට කාන්තාවක් බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාතික බ්‍රිතාන්‍ය කාන්තාවක වන 44 හැවිරිදි කෙමී බේඩ්නොච්ය. 02 November 2024
රුපියල් ලක්ෂ 60ක ජංගම දුරකථන කටුනායකදී මාට්ටු රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා නවීනතම ජංගම දුරකථන 08 ක් සහ එනසාල් කිලෝ ග්‍රෑම් 76 යි ග්‍රෑම් 300 ක තොගයක් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගියෙකු ඊයේ (01) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. 02 November 2024
ලංකාවේ ආර්ථික නිදහස තව පල්ලම් බැහැලා ආර්ථික නිදහස පිළිබඳ දර්ශකයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ රටවල් අතර තවදුරටත් පහළට දමා ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවසීය. 02 November 2024
කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක් බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන පුද්ගල මල සිරුරක් (02) දින සොයගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය. 02 November 2024
ලොරියක් සහ වෑන් රියක් ගැටී අයෙක් මරුට හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් එක් පුද්ගලයෙකු මියගොස් 18 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කල බව නානුඔය පොලිසියේ නිලධාරියෙකු පැවසිය. 02 November 2024
කොටුව - කන්කසන්තුරේ නගරාන්තර දුම්රියක් අද සිට කොළඹ කොටුව - කන්කසන්තුරේ අතර නගරාන්තර දුම්රියක් අද (2) සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 02 November 2024
පළාත් රැසක අද තද වැසි සහ සුළං දිවයිනේ බොහො ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 November 2024
හෝටල්වල පාටි දැමූ අයගේ මන්ත්‍රී පට්ටම් අහෝසියි ? ජනතාව දහස් ගණනින් තරු හෝටල් වලට කැඳවා සංග්‍රහ කළ අපේක්ෂකයන් මන්ත්‍රීවරුන් ලෙස පත් වුවහොත් ඔවුන්ගේ එම මන්ත්‍රී ධූර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමෙන් අහෝසි කිරීමට අවධානය යොමු වී ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. 02 November 2024
සෝඩියම් එන්නත් හිඟයෙන් දොස්තරලා අමාරුවේ වකුගඩු රෝග, පාලනය කළ නොහැකි දියවැඩියාව, දැඩි විජලනය වැනි රෝගවලින් පෙලෙන රෝගීන්ගේ සංකූලතා පාලනය කිරීමට භාවිත කරන සෝඩියම් බයි කාබනේට් එන්නත් හිඟයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කළේය. 02 November 2024
ඡන්ද ප්රචාරයේ ගිය බසයට එරෙහි පැමිණිල්ල වීසි වේ මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයකු සිය මැතිවරණ නිල රථය ලෙස බස් රථයක් භාවිතා කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් යැයි පවසමින් බස් රථයේ රියදුරුට එරෙහිව වැලිකඩ පොලිසිය පවරා තිබූ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (01) නිෂ්ප්රභා කිරීමට නියෝග කළේය. 01 November 2024
අපරාධයකට සූදානම් වූ හිටපු එස්.ටී.එෆ් සෙබළෙක් මාට්ටු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ අනුදැනුම මත අපරාධයක් සිදු කිරීම සඳහා මෝටර් රථයක් තුළ ටී 56 ගිනි අවියක් සඟවාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ වැඩ තහනමට ලක් වූ පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි. 01 November 2024
ජොනීගේ තවත් රථයක් පන්නිපිටියෙන් මතුවේ? හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බවට සැක කරන ෆෝර්ඩ් වර්ගයේ මෝටර් රථයක් කොට්ටාව පන්නිපිටිය ලියනගොඩ ප්‍රදේශයේ ගරාජයක තිබී සොයා ගෙන ඇතැයි නුගේගොඩ කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 01 November 2024
රුසියාවෙන් ගූගල් මවු සමාගමට තරු පෙනෙන දඩයක් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමග රුසියානු රාජ්‍ය නාලිකාවලට යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලය තහනම් කිරීමට ගූගල් මවු සමාගම වන ඇල්ෆබට් වරදකරු කරමින් රුසියානු අධිකරණය අපූරු දඬුවමක් නියම කර තිබේ. 01 November 2024
මතුගම අනතුරු දෙකකින් 2ක් මරුට මතුගම පොලිස් වසමේ දී අද (01) සිදුවූ රිය අනතුරු දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි මතුගම මූලස්ථාන පොලිසිය පවසයි. 01 November 2024
සුහද මාරුවටත් මැකො අනුමැතිය ඕනේ රාජ්‍ය සේවයේ නිලධාරින් අතර කෙරෙන රාජකාරී සුහද මාරුවීම් සඳහා අනුමැතිය ලබාගැනීමට පැමිණෙන නිලධාරින් සහ සේවකයන්ගෙන් මැතිවරණ කාර්යාල මේ දිනවල පිරී ගොස් ඇතැයි වාර්තාවේ. 01 November 2024
විදෙස් ගමන් බලපත් ගැටලුව ලිහන හැටි දෙපාර්තමේන්තුව පවසයි නොවැම්බර් මස අග භාගයේදී තවත් විදේශ ගමන් බලපත්‍ර 100,000ක් ද දෙසැම්බර් මාසයේදී තවත් ගමන් බලපත්‍ර 150,000ක පමණ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වෙත ඉදිරියේදී ලැබීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව පවසයි. 01 November 2024
ඉන්දීය මහ කොමසාරිස් ජනපති හමු වෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (01) පස්වරුවේ සිදු විය. 01 November 2024
මැකෝගෙන් රජයේ ලොක්කන්ට රතු එළියක් ආයතනවල යම් යම් පත් කිරීම් සහ මාරු කිරීම් කරන්නේ නම් ඊට ප්‍රථම විමසීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ආයතන ප්‍රධානීන්ට නැවතත් දැනුම්දී ඇත. 01 November 2024
ජොන්ස්ටන්ට ඇප නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතූවෙන් වරෙන්තු නිකුත් වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (01) නියෝග කළේය. 01 November 2024
මහින්දට හිමි වරප්‍රසාද ඉවත් කළේ නෑ ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි ප්රතිලාභ සියල්ල ලබා දී තිබෙන බව ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි. 01 November 2024
වී ගබඩා පද්ධතිය ඩිජිටල්කරණයට ලංකාවේ වී ගබඩා පද්ධතිය පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමට ජනාධිපති අනුර දිසානායක මහතාගේ අවධානය යොමු වී ඇත. 01 November 2024
ජනාධිපති ඩිජිටල් ආර්ථිකය ප්‍රධාන උපදේශකවරයෙක් පත් කරයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කර තිබේ. 01 November 2024
පලාලි - අච්චුවේලි පාර දශක තුනකට පසු විවෘත කරයි පලාලි - අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පසු අද(1) විවෘත කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. 01 November 2024
ලොහාන් රත්වත්තේගේ බිරිඳත් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කොටස් ගෙන්වා එකලස් කරන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථයක් නීති විරෝධී බව දැන දැන නිවස තුල සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත් වත්තේ මහතාගේ බිරිඳ ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක් පැවසීය 01 November 2024
අරණායක විදුහලක සිසුන් 13කට ආහාර විසවෙලා අරණායක දිප්පිටියේ විදුහලක හයවෙනි වසරේ ඉගනුම ලබන සිසුන්ට අද( 01) දිවා ආහාරය සඳහා ලබාදුන් කඩල ආහාරයට ගැනිමෙන් අනතුරුව සිසුන් 13 ක් දෙනකු හදිසියේ රෝගි වි අරණායක දිසාරෝහල ට ඇතුලත් කර ඇතිබව රෝහල් ආරංවි මාර්ග සඳහන් කරයි. 01 November 2024
කොළඹ -බදුල්ල පාරේ ගමන් ගන්නා අයට විශේෂ දැනුම්දීමක් මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවධානම් කලාපවල වෙසෙන ප්‍රජාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඊ එම් එල් උදය කුමාර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. 01 November 2024
රාජගිරියේ ගින්නක් රාජගිරිය මාදින්නාගොඩ ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොස් අලෙවිය සහ අලුත්වැඩියා කරන ස්ථානයක අද දහවල් ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය කියයි. 01 November 2024
අම්පාරේ හිටපු ඇමති අඩ සියවසක්ම නිල නිවසේ ලැගලා වසර 46 කට අධික කාලයක් අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් අම්පාර දීඝගාමිණි මාවතේ රජයේ නිවාසයක් පරිහරණය කළ හිටපු අමාත්‍යවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී. දයාරත්න මහතා එම නිවාසය ඊයේ(31) වන දින අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයාට භාරදීමට කටයුතු කළේය. 01 November 2024
පෙම්වතියට අපූරු දඬුවමක් දෙන්න ගිය පෙම්වතාට මාංචු පෙම්වතියගේ නිරුවත් ජයාරූප ලබාගෙන එම පිංතූර සමාජ මාධ්‍යට මුදා හරින බව පවසමින් ඇය බියගන්නවා මුදල් ලබාගත් පෙම්වතෙක් රත්නපුර වේවැල්වත්ත පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබිය. 01 November 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026