හිටපු මුදල් ඇමැති නිසා රජයට කෝටි 5ක බදු අහිමි වෙලා
සුදු සීනි තොගයක් සමග නිත්‍යානුකුල නොවන ආකාරයට දුඹුරු සිනි තොගයක් ආනයනය කිරිම නිසා රේගුව ආනයනකරුට පනවා තිබු දණ්ඩන මුදල හිටපු මුදල් ඇමතිවරයා මිලියන 30කින් අඩුකිරිමට අනුමැතිය ලබාදිම හේතුවෙන් රජයට රුපියල් පන්කෝටි,හැටඑක්ලක්ෂ,හයදහස්තුන්සිය තිස්තුනක (56,106,333) පාඩුවක් සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.