
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පරීක්ෂා කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුව පත්කිරීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී ඡන්ද 151කින් සම්මත විය.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 148 දෙනෙක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තිදෙනෙක් යෝජනාවට මෙසේ පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
මුජිබර් රහුමාන්, නිශාන් කාරියප්පර් සහ අජිත් පී පෙරේරා යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කළ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු වෙති.
මෙම කමිටුව පත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීනී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය විසිනි.
එම පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී ගයාන් ජනක මහතා යෝජනාව ස්ථිර කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ අපේ සබාපති අරුණ කුමාර සහෝදරයාට පින්සිදුවන්න ලංකාවේ ලොකුම ප්‍රස්නයක් විසඳුනා,
අපේ යෝගා ගුණරත්න ඇතුළු ලොණ්ඩරි හේනෙ මාමලා ටිකත් විරැද්ධව ඡන්දෙ ප්‍රකාශ කලා කියල සටහන් කරන්න.