
(රෝෂන් තුෂාර)
විදේශයෙන් ආනයනය කර රේගුවේ නිස්කාශනය නොකර නවතා තබා ඇති සුඛෝපභෝගී වාහනවල ඡායාරූප පෙන්වා රුපියල් කෝටි දහයකට අධික මුදලක් වංචා කළේ යැයි කියන ජනාධිපති ආරක්ෂක අංශයේ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද(08) නියෝග කළේය .
වංචා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අසංක සංජීව බණ්ඩාර නමැති සැකකරුවෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සැකකරුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේද නඩු 21 ක් පවතින බවට පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා ලබන 21 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු ඉදිරිපත් කරන ලෙසට බන්ධනගාර අධිකාරියට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරා හිටගෙන හිටපු ජනාධිපති ආරක්‍ෂක අංශ ගෝලයො දුව දුව ... ඔන්න රටට හරිගිය හේතු ...