
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොට්ටාවේදී අද (8) පැවසීය.
ඇමෙරිකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තීරු බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සූදානම් බවට කරුණු දක්වා තමා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ලිපියක් යොමු කළ බව කී අනුර දිසානායක මහතා මේ වන විට එම ලිපිය ධවල මන්දිරයට ගොස් තිබෙන බවට කරුණු වාර්තා වී තිබෙන්නේ යැයිද සඳහන් කළේය.
ඇමරිකාව පනවා තිබෙන බදු තීරණ වල බලපෑම තවම ලංකාවට දැනී නැතත් එම තීරණය ඉදිරියේදී යම් පමණකට ශ්‍රී ලංකා ආර්ථිකයට බලපෑම් කිරීමේ අනතුරක් තිබෙන්නේ යැයිද ජනාධිපතිවරයා කීය.
ජාතික උරුමයන් කර පින්නාගෙන තමන්ගේම ආර්ථික න්‍යාය පත්‍රයක් මත දෙපයින් සිට ගනිමින් යළි කුමන සුළි කුණාටුවක් පැමිණියද කඩා නොවැටෙන ආර්ථිකයක් සහිත රටක් නිර්මාණය කරන බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා කොට්ටාවේ පැවති ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ට්‍රම්ප් එක්ක කතා කරන්න ලංකාවෙන් කණ්ඩායමක් ඇමරිකාවට
නිර්පාක්ෂික Wednesday, 09 April 2025 12:28 AM
ගොම්මන්පිළ,රිලාසිරියා ,විමලේ නම් දැනටමත් අනාවැකි පල කරලා ඉවරයි ??
sakra Wednesday, 09 April 2025 01:50 AM
ට්‍රම්ප් එක්ක සාකච්චා කරන්න නෙවෙයි මෙයාලට අඩුම තරමින් හලෝ කියන්නවත් ට්‍රම්ප් එක්ක appointment එකක් ලැබෙන්නේ නැහැ මොකද එහෙම එක එක්කෙනා අඬාගෙන ආපලියට ඇමරිකාවේ ජනධිපති හමුවෙන්න වෙලාවල් දෙන්නේ නැහැ. අස්සයා ගියාට පස්සේ ඉස්තාලය වැහුවට වැඩක් නැහැ . අධිරාජ්‍ය වාදීන් ගැන ලොරි ටෝක් දීපු අය එයාලගෙන් හිඟමනේ යාම දෛවයේ සරදමක් .
යෝගා Wednesday, 09 April 2025 09:23 AM
මතක ඇතුව කලිසම් කමිසවල බොත්තම් ටික හරියට පිලිවෙලට දාගෙන යන්න.
ගුණරත්න Wednesday, 09 April 2025 10:50 AM
දැන් ඉතින් කරන්න තියෙන්නේ රනිල් වගේ පළපුරුදු දේශපාලනඥයෙක් ඔය සාකච්ඡා කණ්ඩායම් වලට එකතු කරගෙන රටක් විදිහට පෙනී සිටින එක,
කුකුල් චමින්ද Wednesday, 09 April 2025 11:00 AM
බැරිද දනගහගෙන කට්ටියගෙම කලිසම්වල බොත්තම් ටික දාල දෙන්න? ඒ වෙනුවෙන් මං ගානෙ ඔයාට බත් කටක්.