
(රෝෂන් තුෂාර)
වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගැනීමට ආධාර අනුබල දුන්නේ යැයි ඇප මත මුදා හළ හිටපු වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය එස් වියලේන්ද්‍රන් මහතා ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් බන්ධනාගාරයාට රැගෙන යනු දක්නට ලැබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 25 වෙනි දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වියලේන්ද්‍රන් මහතා අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටි අතර සැකකරු ඇපමත මුදා හැරින ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝග කළාය.
සැකකරු වෙනුවෙන් ඇපකරුවන් තිදෙනකු පමණක් ඉදිරිපත්කර ඇති අතර සවස් වන තෙක් ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් සැකකරු බන්ධනාගාරය ගත් වෙත රැගෙන ගිය බව දක්නට ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇප කොන්දේසි නැතිව වියලේන්ද්‍රන් යළි බන්ධනාගාරයාට