IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


රජයේ ඉඩම් සංවර්ධනයට ආයෝජකයන් සොයයි

(අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයින් තෝරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී  ඇත.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා දීර්ඝකාලීන බදු පදනම මත බැහැර කිරීමේදී සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම සඳහා විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කළ යුතු බවට මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරනු ලැබ ඇත.

 ඒ අනුව, රජයේ ඉඩම් ආඥාපනතේ 6(1) වගන්තිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරනු ලැබ ඇති පහත සඳහන් ඉඩම් කොටස් නාගරික සංවර්ධන අධිකාරියෙහි සැලසුම් රෙගුලාසි වලට අනුගතව, රජයේ තක්සේරුකරුගේ තක්සේරුව මත පදනම්ව දීර්ඝකාලීන බදු පදනම මත බැහැර කිරීම සඳහා සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලි අනුගමනය කිරීම සඳහා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* සෙල්ලකතරගම නගර සංවර්ධන කටයුතු සඳහා අත්පත් කර ගනු ලැබූ ඉඩම් අතුරින් යෝජිත නගර සංවර්ධනයට අවශ්‍ය ඉඩම් වෙන් කිරීමෙන් පසු තව දුරටත් බැහැර කළ හැකි පිළිවෙලින් පර්වස් 42.03, පර්වස් 20.28 සහ පර්වස් 20.72 ක් වූ ඉඩම් කොටස් 3 ක් වසර 50 ක දීර්ඝකාලීන බදු පදනම මතබැහැර කිරීම සඳහා.

*දෙමටගොඩ ( 537 වත්ත) පිහිටි ඉඩමෙන් ප්‍රමාණය අක්කර 3 -රූඩ් 2 - පර්චස් 24.59 ක් වන ඉඩම් කොටස වසර 99 ක දීර්ඝකාලීන බදු පදනම මත බැහැර කිරීම සඳහා.



අදහස් (1)

රජයේ ඉඩම් සංවර්ධනයට ආයෝජකයන් සොයයි

ගුණරත්න Tuesday, 08 April 2025 08:18 PM

කලින් ආණ්ඩු ඔහොම දෙයක් කරන්න ගියොත් මෙන්නෝ විකුණන් කනෝ ගාගා මැරෙන්න හදාපු උන් ටිකම මෙන්නෝ විකුණන් කනෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site