IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පනත සම්මත කළොත් රට හංගපු සල්ලිත් ගේන්න පුළුවන්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අපරාධයකින් අත් පත් කරගත් දේපොළ විදෙස් රටක තිබුණත් එය නැවත ලබා ගැනීමට හැකි ප්‍රතිපාදන අපරාධයකින් අත් පත් කරගත් දේපොළ පිළිබඳ පනත් කෙටුම්පත යටතේ හැකියාව ලැබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අපරාධ කරුවන්ගේ දේශයක් වූ රටේ අල්ලස දූෂණය වංචාව ඉතා බහුල වී තිබුණා.මෙවැනි සාධනීය පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගැනීමට වටපිටාව සකස් කිරීම ගැන ස්තුති කළ යුතුයි.පසුගිය කාලේ රාජ්‍ය මුදල් අවභාවිතා රාශියක් වාර්තා වුණා.මේවා විමර්ශන තුළින් හෙළිකර ගැනීම පහසු වුණේ  නැහැ. මේ පනත තුළින් ඒ බාධා ඉවත් කර ගැනීමට හැකියාව ලැබුණා.

අපරාධයකින් උත්පාදිත දේපොළ යළි අත්පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීම ඇතුළු නෛතික තත්ත්වයන් මේ පනත් කෙටුම්පතේ සඳහන්ව තිබෙනවා.

පනත් රැසක තිබෙන ඌන නෛතික තත්ත්ව මගහරවා ගැනීමට මේ පනතින් ඉඩකඩ ලැබී තිබෙනවා.ඉදිරියේදී කඩිනම් විමර්ශන මෙන්ම නඩු පැවරීම් වලට මේ පනතින් ඉඩ කඩ ලැබෙනවා. යමකු අනීතිකව උපයා ගත් දේපොළ වින්දිත පාර්ශවයට ලබාදීම රජයක යුතුකමක්.



අදහස් (3)

පනත සම්මත කළොත් රට හංගපු සල්ලිත් ගේන්න පුළුවන්

Nandana Tuesday, 08 April 2025 05:06 PM

කයිවාරු නැතුව වැඩ පෙන්නන්න

:       0       0

යෝගා Tuesday, 08 April 2025 05:28 PM

හරි හරි කරලා පෙන්නන්නකෝ නරිවාදන් නැතුව. මතක ඇතුව ඩොලර් වලින්ම ගේන්න හොඳේ.

:       0       0

ගුණරත්න Wednesday, 09 April 2025 07:54 AM

සම්මත කලොත්? අනියමාර්තේ අසම්භාවය ක්‍රියාවක්. එත් ඇමති තුමෝ ඔහේගේ ආණ්ඩුවට ආසන 159ක් තියෙනවා. ඉතින් කෙඳිරි ගාන්න ඕන නැහැ, පනත සම්මත කරලා සල්ලි ගේන්න, සීනි හොරා, කන්ටේනර් හොරු, මෙහෙ අපනයන ආදායම ගෙනෙන්නේ නැතිව තියන් ඉන්න හොරු, ඔක්කොටම දඬුවම් දෙන්න හොඳේ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site