IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මාධ්‍ය වෘත්තිකයන්ට වරලත් ආයතනයක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වරලත් ජනමාධ්‍ය වෘත්තීය වේදීන් බිහි කිරීමේ සහ මෙරට මාධ්‍ය සමාජයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ඉහළ නැංවීම උදෙසා නිපුණතාවෙන් යුත් පිරිපුන් විද්වත් මාධ්‍ය වෘත්තීය වේදීන් පිරිසක් බිහි කිරීමේ අරමුණින් අදාළ අධ්‍යයනයන් සිදු කිරීමට අවශ්‍ය පුහුණු ආයතනයක අවශ්‍යතාව සපුරාලීම සඳහා ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇතැයි රජය පවසයි.

ඒ අනුව, එම ආයතනය පාර්ලිමේන්තුවේ සම්මත පනතක් මඟින් සංස්ථාපනය කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස 2022-08-15 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. 

එකී පනත් කෙටුම්පත සකස් කිරීමේ කාර්යය නිම කිරීම සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

මාධ්‍ය වෘත්තිකයන්ට වරලත් ආයතනයක්

කෞෂි Tuesday, 08 April 2025 04:09 PM

වරය ගන්න ආණ්ඩුවට කඩේ යන අවශ්‍යතාවයක් ඇතිකලොත් ඒකත් මාධ්‍ය මර්ධනයක්. අනාගතයේ දවසක හරි ආයතනය අවභාවිතා කරන්න පුළුවන්ද කියල හොයල බලල ඕක පිහිටුවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site