IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ ජනපති එළිදක්වයි

(යොහාන් භාසුර)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (9) එළිදැක්වීය.

ශ්‍රී ලංකාව අල්ලස, වංචාවෙන් සහ දූෂනයෙන් තොර රටක් බවට පත්කිරීමේ මූලික අරමුණ ඇතිව සකස් කළ මෙම ‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ මෙම වසරේ සිට 2029 වසර දක්වා ක්‍රියාත්මක වේ.

රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, ප්‍රජාපාදක සංවිධාන, මහජන නියෝජිතයින්, තරුණයන්, දරුවන්, ආගමික සංවිධාන ඇතුළු සමස්ත මහජනතාවගෙන් සැදුම්ලත්, පළාත් මට්ටමින් හා ජාතික මට්ටමින් අදහස් සහ යෝජනා කැඳවීම සඳහා වන වැඩසටහන් මාලාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හරහා මෙම සැලැස්ම ක්‍රියාත්මක කරයි. 



අදහස් (11)

‘ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම’ ජනපති එළිදක්වයි

යෝගා Wednesday, 09 April 2025 01:57 PM

කතාවට වඩා ක්‍රියාවයි වැදගත්. බලමු හොර පාරෙන් පන්නපු කන්ටේනර් 323 වගකිව යුත්තන්ට මොකද කරන්නේ කියලා...

:       7       52

කෞෂිWednesday, 09 April 2025 06:23 PM

ඔයාගෙ ළිඳ ළඟ එකතුවෙන අයද හොරපාරෙන් පැන්නුව කියන්නේ? යන්න පොලිසියට. ඔයගොල්ලන්ගේ ආණ්ඩුව නොවේ තියෙන්නේ. ඒක හින්දා සාධාරණය ඉෂ්ඨ වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්...

:       2       4

රම්බොඩ Wednesday, 09 April 2025 02:06 PM

පච කියන එකත් දූෂිත වැඩක් තමයි. ඒකත් නතර කරන්න ඕන. මේවා නැති කරන්න නම් ආකල්ප සංවර්ධනය කළ යුතුයි.

:       7       42

ගුණරත්න Wednesday, 09 April 2025 02:46 PM

දූෂණ කිව්වාම හොර උපාධිකාරයනුත් දූෂිතයෝ, මොකද පවතින පිළිගත් ක්‍රමයෙන් පිට වරප්‍රසාද ගැනීම දූෂණයක් නිසා, කෝ ඉතින් ඒ වගේ දේවල් වලට ගත් පියවර?

:       3       38

කපුරු හාමි Wednesday, 09 April 2025 02:59 PM

මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා බඩවඩා ගත්තු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්ට ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ජනතාව රවට්ටපු දූෂිතම, පවුල් පාලනේ අයට දැන් කරකියා ගන්න දෙයක් නැතිවෙයි...

:       16       5

මැක්ස් Wednesday, 09 April 2025 03:09 PM

නරක ද මේ වගේම "බොරු කීම වැළැක්වීමේ ක්‍රියාකාරී සැලැස්ම" වගේ එකකුත් පටන් ගත්තොත්? එහෙම වුනොත් ජනාධිපතිත් ඒකට අහුවෙනවා. අගමැතිත් එහෙමයි. නලින් හේවගේ උඩින්ම අහුවෙනවා. වසන්ත සමරසිංහ, බිමල් රත්නායක වැනි මාලිමා කයිවාරුකාරයින් කොහොමත් අහුවෙනවා. උපාධි හොරුත් අහුවෙනවා. බලාගෙන ගියාම මුළු මාලිමා ආණ්ඩුවම ඒකට අහුවෙනවා. ඒ කියන්නේ එහෙම සැලැස්මක් මේ ආණ්ඩු කාලේ ක්‍රියාත්මක වෙන්නේ නෑ...

:       4       7

Siri Wednesday, 09 April 2025 03:10 PM

ඒ එක්කම ඔය රැස්වීම්වල මුසාවාදා දෙසාබාන මැති ඇමැති වරුන්ගේ වාචාල කටවල් වහන්නත් "ක්‍රියාකාරී සැලැස්මක්" හැදුවොත් නරකද සහෝදරයා? ඒ ජාතියේ එක ඇමති සහෝදරයෙක් පසුගිය දවසක ඡන්ද රැස්වීමකදී අපට තියෙන ඩොලර් සංචිතය මේ රජය විසින් ඉහළට නන්වපු හැටි පෙන්වන්න ඇදබාපු පට්ටපල් කෙප්පයක් නිසා අර කොහේදෝ යන ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක සහෝදරයා මාධ්‍යවේදීන් අහපු ප්‍රශ්නවලට කට උත්තර නැතුව කාපු පරිප්පුව දකින්න ඇතිනේ. මතක තියාගන්න ඔය වගේ දේවල් තමා වයිරල් වෙන්නේ. කරන හොඳ වැඩ නොවේ.

:       4       6

Alfread Wednesday, 09 April 2025 03:26 PM

ආසියාවේ ආශ්චර්ය නම් කරලා පෙන්නුවා. යහපාලනේ ඇවිත් කාපුවයි, පුනරුදෙයි තමයි හැබැයි හොඳටම කරගෙන තියෙන්නේ. ලක්ශෙකට රස්සා නැති වුණාම තමයි පුනරුදේ හොඳටම වෙන්නේ...!

:       2       4

ගමේ එකාලා Wednesday, 09 April 2025 04:00 PM

ජනතාව රවට්ටලා බලයට ඇවිත් ,මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ,රීරී මාන්ස හූරගෙන කාපු ,දූෂිත දේසපාලුවන්ට, කඩේ යන වහලුන්ට හම් හරි අමාරු ඇති ?

:       4       5

Deshabandu Thursday, 10 April 2025 10:13 AM

විනිසුරු රංග මහතා ඇතුළු කට පුරා හොඳ වැදගත් කියන්න පුළුවන් පිරිසක් ඔබට සහයෝගය දෙන්න ඉන්න එක ලොකු සතුටක්...

:       0       1

Rata Perata Thursday, 10 April 2025 11:44 AM

රටේ සියලුම ජනමාධ්‍ය නියාමනයට ස්වාධීන ආයතනයක් පත්කළ යුතුයි. නැතිනම් එක එක ජනමාධ්‍ය තමන් කැමැති අයට කඩේ යන වැඩේ තමයි කරන්නේ. ඒක ජනතාවට කරන අපරාධයක්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 914 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 295 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 540 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 932 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 660 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 828 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1199 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1498 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site