IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සේවකයන්ට නොමිලේ දෙන කෑමට පැනවු බදු ඉවතට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආයතනවලට සේවකයන් ප්‍රවාහනයේදී සහ නොමිලයේ ආහාර දීමේදී පනවන ලද බද්ද ඉවත් කරන බව මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම  මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ සංශෝධන ප්‍රධාන වශයෙන් කොටස් තුනකට තිබෙනවා. පළමු කොටස වන්නේ 2024 ජනවාරි 1 වෙනිදා හඳුන්වා දෙන ලද වැට් බදු පනතයි.එහි අඩපාඩු ගණනාවක් තිබෙනවා.ඒවා නිවැරදි කිරීම සඳහා සංශෝධනා අද ඉදිරිපත් කරනවා.එමෙන්ම වත්මන් රජයේ පත්වීමත් සමඟ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට අදාළ බදු ක්‍රමයට එකඟවන සංශෝධන මෙයින් හඳුන්වා දෙනවා.

සේවා යෝජකයා විසින් සේවකයන්ට නොමිලේ දෙන ආහාර සහ ප්‍රවාහන පහසුකම් සඳහා බදු අය කළ යුතු බව පනතේ සඳහන්ව තිබුණා.කර්මාන්ත ශාලා මේ ගැන රජය සමඟ සාකච්ඡා කළා. ඒ කාර්යයන් සඳහා පනවන වැට් බදු අප ඉවත් කර තිබෙනවා.



අදහස් (0)

සේවකයන්ට නොමිලේ දෙන කෑමට පැනවු බදු ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site