
(රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.
මෙසේ මියගියේ නිකවැරටිය මොන්නෑකුලම, කරිහට්ටිකුලම පදිංචි එච්.එම්. උපුල් මධුශංක (37) නැමැති රස්නායකපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අවිවාහක පොලිස් කොස්තාපල් වරයෙකි.
මියගිය කොස්තාපල්වරයා රස්නායකපුර කඩිගාව ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රී 8.00 ට පමණ තවත් පොලිස් නිලධාරකු සමග වාහන පරීක්ෂාවේ යෙදී සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වෑන් රියට බිලි
නිමල් Wednesday, 09 April 2025 09:13 AM
මේ මෙවැනි පළමු හෝ අවසාන අනතුර නොවේ. මාර්ග රාජකාරියේ නියුතුවන පොලිස් නිලධරයනට හදිසි අනතුරු රක්ෂණ ආවරණයක් ලබා දීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.
ගුණරත්න Wednesday, 09 April 2025 10:44 AM
කට්ට කරුවලේ කාකි ඇඳන් පාරට පැනල අත දාල වාහන නවත්තන පොලිස් නිලධාරියෝ ඉන්නවා, දුරට පේන්නේ නැහැ, අමාරුවෙන් අනතුරු නොවී බේරිලා තියෙනවා. රාත්‍රියේ මාර්ග පරීක්ෂාව කරන පොලිස් නිලධාරීන් විශේෂ ඇඟලුම් පන්දින්න, විශේෂ වර්ණ සංඥා පුවරු පාවිච්චි කරන්න ඕන.
Priyantha Wednesday, 09 April 2025 06:13 PM
අදහස ඉතාමත් හොඳයි.. අඩුම තරමින් පොලිස් නිලධාරි සිටින තැනට උපරිමයෙන් මීටර් 50 ක් වත් දුරින් පොලිස් පරීක්ෂණ ස්ථානය ඉදිරියෙන් කියලා රාත්‍රියේ පෙනෙන පුවරුවක් තැබුවොත් ඕවා අඩුකරන්න පුළුවන්... ඒත් දඩයක්ම ගැනීමට කටයුතු කරනවා නම් ඒකත් බැහැනේ...