අස්වැසුම හරි අයටම ලැබුණා දැයි බලන්න කමිටුවක් පත් කරයි
අස්වැසුම සුභසාධක ප්රතිලාභ ලබාදීම සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීමේ දී සිදුවූ අසාධාරණ පිළිබඳව පරීක්ෂණයක් කිරීම සඳහා බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් දස පුද්ගල කමිටුවක් පත් කර තිබේ.