IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ජේ.ආර් - ප්‍රේමදාස පාලනය වයස 14ට අඩු තරුණයන් 44 ක් මැරුවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අවුරුදු 14 ට අඩු තරුණයන් 44 දෙනෙක් ම්ලේච්ඡ ජේ.ආර් - ප්‍රේමදාස පාලනය විසින් ඝාතනය කර තිබෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ කාරණය ගැන සමස්තයක් ලෙස සලකා බැලිය යුතුයි.ජේ.ආර්, ප්‍රේමදාස,රනිල්  ම්ලේච්ඡ පාලනය අපේ රටේ තරුණයන් දහස් ගණනක් මරා දැමුවා.අද කතා කෙරෙන්නේ එයින් එක් වධකාගාරයක් ගැන පමණයි. අද මෙතන අය ඒ ම්ලේච්ඡ  පාලනය සාධාරණීකරණය කරනවා. අලුත් සමාජයක් ගැන හිතපු තරුණ තරුණියන් වධ දී මරපු වධකාගාර රාශියක් ගැන ඉතිහාසයක් මේ සමාජයේ තිබෙනවා. ජවිපෙ එදා තීරණ යුක්ති සහගත බව කොමිෂන් සභාව වාර්තාවේ පැහැදිලිව තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.



අදහස් (6)

ජේ.ආර් - ප්‍රේමදාස පාලනය වයස 14ට අඩු තරුණයන් 44 ක් මැරුවා

යෝගා Thursday, 10 April 2025 04:26 PM

අවුරුදු 37කට කලින් වෙච්චි අවාසනාවන්ත දේවල් කතා කරකර කාලය කන්න පුළුවන් යුගයක්ද මේක? ඕවාට සාක්කි තියෙනවා නම් උසාවියට බාර දෙන්න. ඇරත් ඉන්දියාවට විරුද්ධව කැරැලි ගහපු අය දැන් ඉන්දියාව කරේ තියන් යනවා. රටේ ආර්ථිකය පල්ලම් බහින එකයි ජනතාවට දැන් තියෙන ප්‍රශ්නය...!

:       13       135

nandana Thursday, 10 April 2025 04:30 PM

අනුන් මරපුවා වෙලා ඉවරයි. ඔයා දැන් මරණ වළක්වන්න... ගොන් කතා කියන්නේ නැතිව.

:       9       85

අමල් Thursday, 10 April 2025 05:21 PM

අවුරුදු 14ට අඩු ළමයි 44ක් ළමා සොල්දාදුවන් ලෙස යොදාගෙන අනිත් පක්ෂවල අහිංසක මිනිසුන්, ගැහැනුන්, බඩදරු අම්මලා මරලා බෙලි වැටවල් වල ගසපු, ජනතා විමුක්ති පෙරමුණ, හේග් නුවර ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යායුතුයි ! එහෙම ළමා සොල්දාදුවන් 44ක් යොදාගත් බව පිළිගත් පොලිස් ඇමති ආනන්ද විජේපාලවයි, ඒකාලේ ඒවා මෙහෙයවපු ටිල්වින් සිල්වයි විත්තිකරුවන් ලෙස නම්කළ යුතුයි !

:       12       110

ලක්මව් ඛන්නාThursday, 10 April 2025 07:48 PM

නියමයි අමල්. අපි කරපු ඕනෑ දෙයක් අනිත්පැත්ත ගහලා හදලා කියන්න පුළුවන් ඔය වගේ අය අපිට අවශ්‍යයි. එන්න නැවතත් ඒ රජයේ පුනරුත්ථාපන කඳවුරු තිබුණු යුගයට රට ගෙනියන්න එක්වෙමු. රාජපක්ෂ, රනිල්, ප්‍රේමදාස යුගයක් නැවත අරඹමු.

:       0       0

prasanna Friday, 11 April 2025 01:03 PM

මොන්ටිසෝරි වැඩ නවත්වලා රට ගෙනියන්න බලන්න. නැතිනම් ඕක දාලා යන්න. නැතිනම් ඔයාලාගේ වැඩවලට අපිට හිනාවෙලා මැරෙන්න වෙන්නේ...

:       0       0

Upasena Saturday, 12 April 2025 06:09 PM

කෝ මේ සෝදන කල්ලිය...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 743 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site