
(ටී.කේ.ජී.කපිල)
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
මොවුන් මීට මාස 03 කට පමණ පෙර සංචාරක වීසා බලපත්‍ර යටතේ 17 දෙනකු ද , නේවාසික වීසා බලපත්‍ර යටතේ 04 දෙනකු ද , ව්‍යාපාර වීසා බලපත්‍ර යටතේ 01 අයකු ද වශයෙන් මෙරටට ඇතුලු වී තිබේ .
සැක කටයුතු ඉන්දීය ජාතිකයන් දෙදෙනකුගෙන් , ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ,හදිසියේ සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී , අනාවරණය කර ගත් තොරතුරු මත වයස අවුරුදු 25 ත් - 35 ත් අතර පසුවන මෙම ඉන්දීය ජාතිකයන් පිරිස , රාජගිරිය ප්‍රදේශයේ කාර්යාල සංකීර්ණයක සේවය කරමින් සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd