
(රුවන් පතිරණ)
දැදිගම මැණික්කඩවර ප්‍රදේශයේදී පස්දරු පියකු, සිය බිරිඳට හා එක් දියණියකට පොරවකින් පහරදී ඔහුද ගෙලවැලලාගෙන මියගොස් ඇති අතර බිරිඳ හා දියණිය බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බවත් දැදිගම පොලිසිය පවසයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ පිටවල මැණික්කඩවර ලිපිනයේ පදිංචි 78 හැවිදිරි පස් දරු පියකු වන අතර පහර කෑමට ලක්ව තුවාල ලබා ඇත්තේ 72 හැවිදිරි බිරිඳ හා මරණකරුගේ 51 හැවිදිරි අවිවාහක දියණියයි.
පහර කෑමට ලක් වූ මව හා දියණිය අසල්වැසියන් විසින් පල්ලේගම ග්‍රාමීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල මූලික රෝහල වෙත ඇතුළත් කළද පසුව ඉන් අසාධ්‍ය තත්ත්වයෙන් පසු වූ දියණිය සැත්කම් කීපයක් සඳහා මහනුවර මහ රෝහල වෙත මාරු කර යැවූ බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
සිද්ධිය වන අවස්ථාවේ මරණකරු සහ ඔහුගේ බිරිඳ සමග දියණියන් දෙදෙනකු හා මිනිබිරියක සිට ඇති අතර මරණකරු නිවසේ සියලුම දොරවල් සුරක්ෂිත ලෙස අගුළු දමා පසුව මුළුතැන්ගෙයි දොර ලණු දමා බැඳ අලුයම 1.30ට පමණ නිවසේ කාමර තුළ නිදා සිටි බිරිඳට හා අවිවාහක දියණියට පොරවෙන් කොටා ඇති අතර ඔවුන් විලාප දෙන හඩ ඇසුනු අනෙක් කාමරයේ නිදා සිටි දියණිය හා මිනිබිරිය අවදි වී කාමරයෙන් පිටතට පැමිණීමට සූදානම් වූ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා මරණකරුගේ ග්‍රහණයට ලක්ව ඇති අතර මහත් පරිශ්‍රමයක් දරා මරණකරුගෙන් මිදී නිවසින් පිටතට පැමිණ අසල්වාසියෙන් දැනුවත් කර ඇත.
ඉන් පසුව අවට නිවෙස්වල සිටි පිරිස් පැමිණ තුවාලකරුවන් රෝහල් ගත කර ඇති අතර පසුව මඳ වේලාවකින් සිය පියාද මුළුතැන්ගෙයි බාල්කයක ලණුවක ආධාරයෙන් ගෙල වැළලාගෙන සිටි බට දියණියක පොලිසියට පවසා ඇත.
2025 නොවැම්බර් මස 04
743
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පස්දරු පියා බිරියට සහ දියණියකට පොරොවෙන් කොටලා