
(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ "සියපත් උදානය" අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව විද්‍යාල ශ්‍රවණාගාරයේ දි සිදු කෙරිණි.
පිරිසිදු රනින් නිමවා මැණික් එබ්බ වූ එම ඔටුන්න සියපත් උදානය අලුත් අවුරුදු උළෙලේදී අලුත් අවුරුදු කුමරිය වෙනුවෙන් නිර්මාණය කර ඇත.
මෙම ඔටුන්න නිර්මාණය සඳහා මෙරට කීර්තිමත් ව්‍යාපාරික ආයතනයක් වන රාජා ජුවලර්ස් විසින් අනුග්‍රහය ලබා දී තිබුණි.
අවසන් තරඟය සඳහා තේරුණු අවුරුදු කුමර කුමරියන් විසි හතර දෙනා හඳුන්වා දීම ද මෙදින සිදු කෙරණි.


COMMENTS
"මෙලෙස අසාමාන්‍ය ලෙස මුදල් වියදම් කරන අය ගැන පරීක්ෂණයක් පවත්වන්න. මෙම ආයතනය නියම පරිදි රජයට බදු මුදල් ගෙවා ඇත්ද යන්න සොයා බලන්න. මෙලෙස වියදම් කරන මුදල් රජයට ගෙවිය යුතු බදු මුදල් වලින් අඩු කර ගෙවීමට අවස්ථාව ලබා නොදිය යුතුය."
එක්තරා විදිහක මස් වෙළඳාමක් නෙවේද ..??!!..
ඔය රූපෙත් තාවකාලිකයි..
කාගෙවත් සල්ලි, කාරවත් දෙන්නේ, අහක ඉන්න ඔවුන්ට මොකක්ද තියෙන රුදාව? තමන්ගේ සල්ලි මොකටද වියදම් කරන්නේ කියන එකට අහක ඉන්න උං මොකටද කලබල වෙන්නේ? ආයතනයක මූල්‍ය විනය විගණනයෙන් පෙනෙයි. ගොඩක් ඒ අය හිතන්නේ වැඩිපුර සල්ලි තියෙනවා නම් දුප්පත් අයට බෙදලා දෙන්න ඕනෑ කියලා. එක පැත්තකින් මිනිස්සු දුප්පත් වෙන්නේ තමන්ගේම වරදින් කියලා පේන්නේ නෑ.