IMG-LOGO

වැලිගම ’’බෝනස් වර්ජනය’’ විසඳන්න රජය මැදිහත් වෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ඇමරිකන් බද්ද නිසා වැලිගම ආයතනයක බෝනස් නොදීමේ ප්‍රශ්නයට මැදිහත් වන ලෙස කම්කරු අමාත්‍යංශ ලේකම්ට සහ කම්කරු කොමසාරිස්  ජනරාල්වරියට  උපදෙස් ලබා දුන් බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය  මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය.

වාර්ෂික බෝනස් නොදීමේ ප්‍රශ්නයක් නිසා අදාල ආයතනයේ සේවකයින් 2244ක්  ඊයේ දිනයේ සිට වැඩ වර්ජනයක නිරත වී සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

මාතර කම්කරු කාර්යාලයේ දී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා  බෝනස් ලබාදීමේ කාරණය ඇමරිකා බදු තීරණයට අදාල නොවන බව තම අදහස බවද සඳහන් කළේය.

කෙසේ වුවද මේ ප්‍රශ්නයට මැදිහත් වී විසඳුමක් ලබා දෙන ලෙස අදාල අංශ වලට උපදෙස් දුන් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (6)

වැලිගම ’’බෝනස් වර්ජනය’’ විසඳන්න රජය මැදිහත් වෙයි

චන්දිම Wednesday, 09 April 2025 01:22 PM

ෆුල් සූට් එක මෙතුමාට හුරු නෑ වගේ නේද? එතුමාට ඇත්තටම හුරු උද්ඝෝෂණ.

:       12       72

සෙනෙවිරත්න Wednesday, 09 April 2025 01:56 PM

තාම බද්ද පනවලත් නැහැ. මෙන්න ප්‍රතිඵල, ෂෙඩ් කාරයෝ, ප්‍රයිවට් බස් කාරයෝ ගාණට වැටිලාද මේ ජෙන්ටල්මන්ලා...?

:       40       17

සමන්-ඕමානයWednesday, 09 April 2025 02:33 PM

ඉදිරියේ මහා භයානක ආර්ථික අගාධයකට වැටෙන්න ඉන්නකොට, බෝනස් බෙදන්න පුලුවන්ද?

:       11       49

janahithaThursday, 10 April 2025 09:31 AM

පොහොට්ටු සිලින්ඩර් සජබ 40 ලයික් දමලා තිබෙනවා එම පිරිස බලයට ආවොත් පෞද්ගලික අංශයේ බෝනස් බෙදනවාලු

:       0       0

vernon Wednesday, 09 April 2025 02:54 PM

මෙතන මානුෂීය ගැටළුවක් තියෙනවා, ඒත් සාමූහික ගිවිසුමකින් තහවුරු කරලා නැත්නම්, පත් වීම් ලිපියේ/ ‍රැකියා ගිවිසුමේ නැත්නම් ප්‍රසාද දීමනා කියන්නේ සමාගමේ මූල්‍ය තත්ත්වය එක්ක බලලා දෙන්න සලකා බැලිය හැකි දෙයක්. අයිතිවාසිකමක් නොවේ...

:       0       50

janabala asamagi Wednesday, 09 April 2025 03:10 PM

මේවා දේශපාලන කුමන්ත්‍රණ... බෝනස් ගෙවන්න බැරි පරිපාලනයේ දූෂණ, බොරු හේතු පෙන්නලා... වසාදමන තැනට පත්කරලා ඇති අවස්ථාවෙන් ප්‍රෙයා්ජන අරගෙන...

:       12       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 194 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 350 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 687 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site