IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කටුනායක ගුවන්තොට හදන්න ගිය කෝටි 34ක් වතුරේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට (සැලසුම් ප්‍රතිනිර්මාණය කිරීම)  2014 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වැය කර තිබු රුපියල් කෝටි 34 කට වැඩි මුදලක් නාස්තිවී අැතැයි පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරැ අනාවරණය විය

රුපියල් කෝටි 76  ක මුදලක් වැඩිපුර ගෙවා නිම කරන ලද ගුවන් යානා හැසිරවීමේ කොටස හා ටැක්සි මාර්ගයෙන්  (Remote Apron and Taxiways) බලාපොරොත්තු වූ අරමුණු ප්‍රායෝගිව සාක්ෂාත් කරගැනීමට නොහැකිවූ බව  කෝප් කාරක සභාව පවසයි 

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට අදාළව මගී ධාරිතාව මිලියන 6 සිට 12 දක්වා වැඩි කරගැනීමට 2007 වසරේදී සිදු කළ සැලසුම වෙනුවට එම ධාරිතාව මිලියන 15 දක්වා වැඩිකිරීමට නැවත 2013 වසරේදී සැලසුම් සකස් කිරීම හේතුවෙන් ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගම (AASL) පළමු සැලසුම සඳහා වැය කර තිබු රුපියල් මිලියන 344.5ක වියදම අනාර්ථික වූ බවටද  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණය විය.

මෙම සැලසුම් හා උපදේශන සේවා ලබාගැනීම සඳහා ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පෞද්ගලික) සමාගම විසින් 2007 වර්ෂයේදී ජපන් හවුල් සමාගමක් තෝරාගෙන තිබිණි.

මේ පිළිබඳ අනාවරණය වුයේ සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් ඉකුත්  02 වැනිදා  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

තවද, සැලසුම නැවත ප්‍රතිනිර්මාණය කිරීමට පෙර සමාගම සමඟ 2014 වර්ෂයේ ගිවිසුම් අත්සන් කරනු ලැබූවද සීමාසහිත ගුවන් තොටුපල හා ගුවන් සේවා (ශ්‍රී ලංකා)(පෞද්ගලික) සමාගම විසින් විවිධ අවස්ථාවන්හී සැලසුම් වෙනස් කරමින් ගිවිසුම් සංශෝධනය කිරීම හේතුවෙන් මුලික උපදේශන සේවා ගාස්තුවට අමතරව ඇමරිකානු ඩොලර් 178,589ක්, ජපන් යෙන් මිලියන 1, 612.4ක්, සහ රුපියල් මිලියන 808.6ක් ගෙවීමට සිදුව තිබු අතර ගිවිසුම් කාල සීමාව මාස 47 සිට මාස 131 දක්වා තවත් අවුරුදු 7කින් දීර්ඝ වී තිබු බවට ද කාරක සභාවේදී අනාවරණය විය.



අදහස් (4)

කටුනායක ගුවන්තොට හදන්න ගිය කෝටි 34ක් වතුරේ

mahesh Wednesday, 09 April 2025 12:02 PM

එහෙනම් ඉතින් නාමල් කරුණාරත්නගෙ රිලව් ගනින වැඩෙත් අසාර්තකයිනෙ. අරමුනු සාක්ෂාත් උනෙ නැනෙ

:       6       2

himal Wednesday, 09 April 2025 12:26 PM

ඔය සැලසුම් මොකවත්ම නොකර හිටියා නම් මේ කරදර මොකවත් නෑනේ. මිලියන 12ට එන්න කියනවා.. ඉඩ මදි නම් මේ විවේචනය කරන අයව ගිහින් මුණ ගැහෙන්න කියනවා. මොකද සංචාරකයෝ ආවේ නැත්නම් හදපු එක වැරදියිලු. එන මිනිහා වෙන පාරකින් ආවොත් ඒකත් වැරැදියිලු. ඒ නිසා හොඳම දේ සැලසුම් නොහදා මෙයාලාගෙන් අහන එක ලෝකෙ කොහේද ටක්කෙටම හරියන සැලසුම් හැදුවේ කියලා....

:       4       1

ගුණරත්න Wednesday, 09 April 2025 01:11 PM

ප්‍රොජෙක්ට්වල මූලික ඉලක්ක වෙනස් වෙන්න පුළුවන්, අනාගත ආර්තික ප්‍රසාරණය මත එහෙම දේවල් වෙනවා. දැන් පරණ සැලසුම මත ඉඳිකිරීම කළා නම් අලුතෙන් හදන්න පරණ ගොඩනැගිලි ඉවත්කර හදන්න ගියා නම් පාඩුව කිහිපගුණයක් වෙනවා.

:       3       0

Nimal Thursday, 10 April 2025 08:30 AM

එහෙම වෙනස් වුනාට මේවා ජනතා බදු මුදල් තමන්ගේ ගෙවල් වලින් ගෙනාපු සල්ලි නෙමෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site