IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් S.I.S P.C අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)

පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන්ට එම අපරාධයේ සිදුකිරීම සඳහා අවකාශ සැලසීම සම්බන්ධයෙන් වගකිවයුතු  රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරදියනාරු රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්ත දිසා බුද්ධි කාර්යාංශයේ කොස්තාපල්වරයෙකි.

සැකකාර කොස්තාපල්වරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධිත පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් විසින් සිදුකළ වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරින් දෙදෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන නොමග යවා ඒ තුළින් නියම අපරාධකරුවන් අනාවරණය වීම වැළැක්වීම , ඒ තුළින් එම අපරාධකරුවන්ට පාස්කු ප්‍රහාරය දක්වා අපරාධ සිදුකිරීමට  අවකාශ සැලසීම නමැති සංවේදී අපරාධමය කරුණුවලට වග කිව යුතුව  ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 

 



අදහස් (2)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් S.I.S P.C අත්අඩංගුවට

නන්දසේන Wednesday, 09 April 2025 12:07 PM

මගේ ඇඟ ටික ටික සීතල වේගන එනවා.

:       1       11

Janahitha Thursday, 10 April 2025 08:25 AM

වහාම ඔහුට මරණ දඬුවම ලබා දිය යුතුයි… නමුත් එය කළ හැක්කේ රෝහණ විජේවීර මහතාට පමණක් බව අපේ විශ්වාසයයි. ඔහුගේ ජවිපෙ අද රෙදි සෝදන යන්ත්‍රයක් බවට පත්වී ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site