IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


අපේ රුධිර පාරවිලයන සේවය ලෝකෙම ගෞරවයට ලක් වෙලා

(අංජුල මහික වීරරත්න)

වාර්ෂිකව මෙරට  සම්පූර්ණ රුධිර ඒකක 450,000ක් පමණ එකතු කරනු ලබන ජාතික රුධිර පාරවිලයන සේවාව ගෝලීය සෞඛ්‍ය සංවිධානවල ඉමහත් පිලිගැනීමට සහ ගෞරවයට පාත්‍ර වී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා  පැවසීය.

නලින්ද ජයතිස්ස මහතා මේ බව කීවේ රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ වාර්ෂික අධ්‍යයන සැසිවාරය සහ එම විද්‍යායතනයේ ඉදිරි වර්ෂය සදහා නව සභාපතිවරයා පත් කර ගැනීම වෙනුවෙන් කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ දී පැවැති උත්සව අවස්ථාවට ප්‍රධාන අරාධිතයා ලෙස එක්වෙමිනි.

මෙහි දී රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 12 වන සභාපතිවරයා සහ 2025 වර්ෂය සදහා නව සභාපතිනිය ලෙස රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍ය ආශා ද අල්විස් මහත්මිය පත් වූ අතර,  හිටපු සභාපති රුධිර පාරවිලයන විශේෂඥ වෛද්‍ය ධම්මික සෙනෙවිරත්න මහතා විසින් සභාපති විශේෂ පළදනාව නව සභාපතිනියට පැළැඳීම ද සිදු විය.  



අදහස් (6)

අපේ රුධිර පාරවිලයන සේවය ලෝකෙම ගෞරවයට ලක් වෙලා

සමන් - ඕමානය Wednesday, 09 April 2025 02:26 PM

හුටා, පුනරුදයට මාස 6 යි. කොහොමද අපේ වැඩ කිඩ !

:       4       9

අරවින්ද මොණරවිල Wednesday, 09 April 2025 02:42 PM

පුනරුත්ථාපනයට යවන්න ඕනෑ හාදයෙක් වැරැදිලා ඕමානයට යවලා...

:       2       9

රම්බොඩ Wednesday, 09 April 2025 02:58 PM

අපේ රටේ තරම් ලේ දන්දෙන මිනිසුන් ලෝකයේ කිසිම රටක නෑ. දන්දීම හුරුවුණේ බුදු දහමින්. ඒ උතුම් මිනිසුන් අගය කරන්න ඕනෑ...

:       1       25

පිටරටවැසියා Wednesday, 09 April 2025 03:34 PM

හිටපු එවුන් රටේ ජනතාවගේ ලේ උරා බීපු විදිහට, පාරවිලයනය කරන්න තරම් ලේ ටිකක් තියෙන එකත් ලෝක පුදුමයක්...

:       8       13

ජයසිංහ Wednesday, 09 April 2025 05:21 PM

ජෙවීපී එකේ අය ප්‍රතික්ෂේප කරන, විනාශ කරන්න උත්සාහ කරන බුදු දහම නිසා තමයි ලංකාවේ මිනිස්සු මෙච්චර දන්‌ දෙන්නේ... ඒකවත් පිළිගන්න තරම් ගුණයක් මේ අයට තියෙනවාද දන්නේ නෑ. කුහක කම හැම තැනින්ම බේරෙනවා.

:       4       11

prasanna Thursday, 10 April 2025 04:58 PM

කොහොමද මාස 06 වැඩ සහ කිඩ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අගුණකොළේ බන්ධනාගාරයේ රැඳවියා මැරුවාදැයි සැකයක්
2025 මැයි මස 05 42 0

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේදී මියගිය රැදවියා බන්ධනාගර රෝහලේ රදවා සිටියදී ඔහුගේ කළහකාරී හැසිරීම හේතුවෙන් අනෙක් රැදවියන්ගේ යම් පහර කෑමකට ලක්ව ඇති බවට


කොටස් වෙළෙඳපොළ හෙට කලින් වහයි
2025 මැයි මස 05 23 0

කොළඹ කොටස් වෙළෙඳපොළ ගණුදෙනු පළාත් පාලන මැතිවරණය හේතුවෙන් හෙට (6) පෙරවරු 9.30 සිට පස්වරු 12.30 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව එම වෙළෙඳපොළ පවසයි.


ලංකාව - වියට්නාමය අතර ගිවිසුම් පහක්
2025 මැයි මස 05 150 0

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ක්ෂේත්‍ර කිහිපයකට අදාලව අවබෝධතා ගිවිසුම් 4ක් හා එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක හා වියට්නාම්


අල්ලසක් ගත් වවුනියා ඩිපෝවේ ලොක්කෙකු රිමාන්ඩ්
2025 මැයි මස 05 129 0

මගියෙකුට ටිකට් පතක් ලබා නොදී මුදල් ලබා ගැනීමෙන් සේවය අහිමි වූ බස් කොන්දොස්තරවරයෙකුට යළි රැකියාව ලබාදීමේ ලිපිය නිකුත් කිරීමට රුපියල් ලක්ෂයක අල්ලසක් ල


ඩෙංගු, චිකන් ගුන්යා රෝගීන්ගේ වැඩිවීමක්
2025 මැයි මස 05 135 0

මෙරටින් චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


මැතිවරණ රාජකාරියට පොලිසියේ 65,000ක්
2025 මැයි මස 05 71 0

පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 714 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 184 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1221 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site