IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා

(රන්න චන්ද්‍රසේන ගමගේ)

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක්ෂකයකු වශයෙන් තරඟ කරනු ලබන අයකු අත් අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය පවසයි.

අත් අඩංගුවට පත්ව ඇත්තේ හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේම පදිංචි අයෙකි.

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක හම්බන්තොට පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව හම්බන්තොට ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරීන් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (09) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිව තිබුණි.

 



අදහස් (5)

පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා

වික්‍රම විදුර Wednesday, 09 April 2025 08:33 AM

ඒක නං ලොවෙත් විස්වාස කරන්න බැහැ. ඔය පක්ෂෙ අය කැමති පිරිමි පාර්ශවයේ උදවියට විතරයිනේ... මේක ඇත්ත නං ලෝක විනාසය අත ළඟ..

:       1       6

ටයරසෑපුත්‍ර Wednesday, 09 April 2025 09:39 AM

සමගිය පතුරන්න බලය පෙන්නන්න ගිහිල්ල තියෙන්නෙ. අත්අඩංගුවට ගත්තට කමක් නෑ, ලාච්චුවේ දාන්න එපා.

:       0       16

Nilmini Wednesday, 09 April 2025 06:05 PM

පුංචි ආණ්ඩු අපේක්ෂක කතකට කියනවාට වඩා පුංචි ආණ්ඩු අපේක්ෂකාවකට කිව්වොත්...?

:       0       0

Nandana Wednesday, 09 April 2025 06:59 PM

ඔය පළාතේ ගැහුණු බොරු කියන්නේ... සොයා බලන්න. ඕක බොරු රඟපෑමක් වෙන්න පුළුවන්.

:       0       0

Perera Wednesday, 09 April 2025 09:48 PM

සමාජයෙන් කාන්තාවගේ මනාපේ ඉල්ලන්න බැරි වෙන්න ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site