බලශක්තියේ සෘජු අධිකාරිත්වය රජයට සතුව තිබිය යුතුයි බලශක්ති ක්ෂේත්රයේ රජයේ හිමිකාරත්වයේ සෘජු පාලනය අධිකාරිත්වය යටතේ තිබිය යුතු බවත් රටක දියුණුවට සහ සංවර්ධනයට බලශක්ති ක්ෂේත්රයේ වර්ධනය සහ ස්ථාවරත්වය ඉතා වැඳගත් බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය. 02 January 2025
මුහුද මැද නතර වූ යාත්‍රාවේ මගීහු ධීවර යාත්‍රා මගීන් බේරා ගැනෙති යාපනය නෙඩුන්තීවු දූපතේ සිටි මුහුදු මර්ගයෙන් මගීන් ඇතුලු 60 දෙනෙකු පටවා ගත් යත්‍රාවකට හදීසියේම මුහුද මැදදී ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් එම යාත්‍රාවේ සිටි මගීන් ධීවර යාත්‍රා මගින් බේරා ගොඩට ගෙන ඒමට ප්‍රදේශවාසී ධීවරයින් විසින් පියවර ගෙන ඇත. 02 January 2025
සූර්වී රාජකාරී කළ සැරයන් අත්අඩංගුවට බීමතින් ජංගම සංචාර රාජකාරියේ යෙදුණු බව කියන පොලිස් සැරයන්වරයෙකු ඊයේ (1) අත්අඩංගුවට ගත් බව අගුලාන පොලිසිය පවසයි. 02 January 2025
කාන්තා කටයුතු ඇමතිනී වැලිකඩ බලන්න යයි කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාව නිරත වූවාය. 02 January 2025
රනිල් නේපාල අගමැති හමු වෙයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ නේපාල අග්‍රාමාත්‍ය කේපී ෂර්මා ඔලි මහතා අතර හමුවක් නේපාලයේ කත්මණ්ඩු නුවරදී අද පෙරවරුවේ පැවැත්විණි. 02 January 2025
නිව්යෝක් රාත්‍රී සමාජ ශාලාවක වෙඩි තැබීමක් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ක්වීන්ස් පළාතේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් 10 දෙනෙක් තුවාල ලැබූහ. 02 January 2025
කිලිනොච්චියේ පාලමක් යට මළ සිරුරු දෙකක් කිලිනොච්චිය පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේ මාර්ගයක ඉදිකොට තිබූ පාලමක් යට තිබී හඳුනානොගත් පුද්ගල මළසිරුරු දෙකක් අද (02) උදෑසන සොයාගත් බවට කිලිනොච්චිය පොලීසිය පැවසීය. 02 January 2025
ලුණු මෙට්‍රික් ටොන් 20000 ක් ගෙන්වීමට හෙට ටෙන්ඩර් විවෘත කරයි ලුණු මෙට්‍රික් ටොන් 20000 ක් කඩිනමින් ආනයනය කිරීමට හෙට (3) ටෙන්ඩර් විවෘත කරන බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. 02 January 2025
ශ්‍රී ලංකාව ලකුණු 7 කින් නවසීලන්තය පරදවයි ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ නෙල්සන්හිදී අද (2) පැවති තුන්වැනි සහ අවසන් විස්සයි20 තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 7 ක තියුණු ජයක් ලැබීමට සමත් විය. 02 January 2025
වකුගඩු රෝගී දීමනාව රුපියල් 10,000 ක් වෙයි වකුගඩු රෝගී දීමනාව රුපියල් 7500 සිට රුපියල් 10,000 ක් දක්වා ඉහළ දැමූ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂක සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍යංශයේ පැවසීය. 02 January 2025
කණ්ඩලම වාන් දමයි කණ්ඩලම ජලාශයේ වාන් දැමීම ආරම්භ කළ බවත් මේ වන විටත් කණ්ඩලම ජලාශයේ වාන් ජලය දඹුල්ල වෑවල වැව මාර්ගය හරහා ගලා බසින බව මහවැලි අධිකාරිය කියයි. 02 January 2025
මත් කරල් සමඟ ව්‍යාපාරිකයෙක් මාට්ටු රුපියල් ලක්ෂ 40 අධික වටිනා මත්කරල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි රෙදි පිළි ව්‍යාපාරිකයෙක් පිටකොටුව කේසර් වීදියේදී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි. 02 January 2025
තැනින් තැනට අදත් වැසි මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 January 2025
පුංචි ඡන්ද පනත මැතිසබයට පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත තව දෙසතියකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 02 January 2025
මාතර හිරගෙදරට ගසක් වැටී රැඳවියෙක් මරුට මාතර බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක් මතට ගසක් කඩා වැටීමෙන් රැඳවියෙක් මරණයට පත්ව තවත් රැඳවියන් නවයක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව මාතර මහ රෝහලේ ප්රකාශයෙක් පැ වසීය. 02 January 2025
අටබාගේ රෝහලටම බඹර ප්‍රහාරයක් බඹර ප්‍රහාරයකට ලක් වූ කාන්තාවක කෑ ගසමින් ගම්පොළ අටබාගේ උඩගම ග්‍රාමීය රෝහලට දිව යාම නිසා ඇය පසුපස පැමිණි බඹරුන් රෝහල් සායනයට පැමිණ සිටි පිරිසට හා වෛද්‍යවරියට බරපතල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එකොළොස් දෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ. 02 January 2025
මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් මොන්ටෙනීග්‍රෝ රාජ්‍යයේ වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි තැබීමෙන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණු බවත්, වෙඩික්කරු පලා ගිය බවත් වාර්තා වේ. වෙඩික්කරු සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇත. 02 January 2025
අවුරුදු සැමරුම් අතරතුරේ ඇමෙරිකාවට ත්‍රස්ත ප්‍රහාරයක් නව අවුරුදු උදාව සැමරීමට, ඇමෙරිකාවේ, නිව්ඕලන්ස් ජනපදයේ, බර්බන් වීදියට එක්රොක් වූ වැසියන් පිරිසක් මැදට සුදු පැහැති පිකප් ට්‍රක් රථයක් කඩා වැදුණි. 02 January 2025
කෙහෙලියගේ බෙහෙත් සීට්ටුවට අනුමැතිය දුන් හිටපු ජනපති, අගමැතිගෙන් ප්‍රකාශ ඖෂධ හිඟයක් මවාපාමින් ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 182ක් ගෙන්වීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගෙන් ලබන සතිය තුළ ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 02 January 2025
හිටපු ඇමැතිවරයකුගේ කෝටි 4ක වාහන පොලිස් බාරයට බස්නාහිර පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකුට අයත් බව කියන රුපියල් කෝටි හතර හමාරකට වඩා වටිනාකමකින් යුත් සුඛෝපභෝගි වාහන තුනක් අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත 01 January 2025
මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයා අල්ලයි ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ විදේශ පාර්සල් අංශයට පාර්සලයක් ගැනිමට පැමිණි විදේශිකයෙකු කොකේන් මත්ද්‍රව්‍ය සහිත පාරසලයක් සමඟ අද(1) දහවල් අත් අඩංගුවට ගත් බව ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාරයාලය පවසයි. 01 January 2025
අත්‍යවශ්‍ය භාණ්ඩ 63 ක වෙළඳ බද්ද වෙනස් නොවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු තෝරාගත් භාණ්ඩ වර්ග 63 ක ආනයනික විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සංශෝධනය කිරීමෙන් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ගැසට් නිවේදනයක් පෙරේදා (31) නිකුත් කළ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමත්‍යංශය පැවසීය. 01 January 2025
පොලීසියෙන් නව ජංගම යෙදවුමක් රථවාහන වැරැදි අවම කර ගැනිම සදහා ‘ඊ ට්‍රැෆ්ක්‘ නමින් ජංගම දුරකතන යෙදවුමක් වැඩබලන පොලිස්පතිවරයගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානය හදුන්වා දෙනු ලැබීය. 01 January 2025
නාමල් කුමාර රිමාන්ඩ් රංගන ශිල්පී,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ යැයිකියන හඬ පටයක් සමාජ ගත කරමින් ක්‍රිස්තියානි භක්තිකයින් අතර ආගමික වෛරයක් ඉස්මතු කිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ’’නාමල් කුමාර’’ සැකකරු ලබන 15දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකා පුර මහත්මිය අද (01) නියෝග කළාය. 01 January 2025
මාළු කඩේ ගෝලයෝ කුණුමාලු පරිසරයට මුදා හැරලා ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භ කළ අද අලුයම එකට පමණ ගම්පොළ මාළු වෙළඳසල්වල ඇති ඉවත් කරන ලද නරක් වූ මාළු කොටස්ලොරියකින් රැගෙන ගොස් සංචාරකයන් ගමන් ගන්නා අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණය ආසන්නයේ පිහිටි පවුල් සියයක් පමණ ප්‍රයෝජනයට ගන්නා ජල මූලාශ්‍රයකට හොර රහසේ දමමින් සිටියදී රැක සිටි ගම්මු එම පිරිස අල්ලා ගෙන ඇත. 01 January 2025
බස් ගාස්තු අසීමිතව ඉහළ යාමේ අවදානමක්? බස් ගාස්තු ලබන ජූලි මාසය වන විට අනිවාර්යෙන්ම අසීමිත ලෙස වැඩි වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (1) පැවසීය. 01 January 2025
දේශීය ටයර් මිල අඩු වෙන හැඩ මෙරට නිෂ්පාදනය කරන ටයරයක මිල සැලකිය යුතු මට්ටමකින් අඩු කිරීමට ටයර් නිෂ්පාදකයින්ගේ සංගමයවෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට ඊයේ (31) සියඑකඟතාවය පළ කළහ. 01 January 2025
සේවය හැර ගිය සිවිල් ආරක්ෂකයින්ට වැඩිපුර ගෙවලා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය හැර ගිය නිලධාරීන් 85 දෙනෙකුට ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වැඩිපුර ගෙවා තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 01 January 2025
මැතිසබේ හිලව් දීමනාවට පොල්ලක් පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව නොගෙවීමට රජය තීරණය කර ඇත. 01 January 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026