
(සුරංග රාජනායක)
ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භ කළ අද අලුයම එකට පමණ ගම්පොළ මාළු වෙළඳසල්වල ඇති ඉවත් කරන ලද නරක් වූ මාළු කොටස්ලොරියකින් රැගෙන ගොස් සංචාරකයන් ගමන් ගන්නා අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණය ආසන්නයේ පිහිටි පවුල් සියයක් පමණ ප්‍රයෝජනයට ගන්නා ජල මූලාශ්‍රයකට හොර රහසේ දමමින් සිටියදී රැක සිටි ගම්මු එම පිරිස අල්ලා ගෙන ඇත.
නව වසර උදාව සතුටින් සැමරීමට ලංකාවාසි සියල්ල එක්ව සිටියදී අම්බලුවාව ගම්වාසින් සූදානම්ව සිට ඇත්තේ බොහෝ කාලයක සිට කුණු මාළු දමමින් පළාතම දුර්ගන්ධය පතුරවමින් ජලය අපවිත්‍ර කර පරිසර විනාශ කරන කුණු මාළු කාරයන් අල්ලා ගැනීමටය.
නිදි වර්ජිතව සිටි තරුණ පිරිසට මෙම කුණු මාළු ලොරිය පැමිණ එහි තිබූ විශාල කුණු මාළු කොටස් ප්‍රමාණය ප්‍රධාන මාර්ගයෙන් පහළට දමමින් සිටියදී අල්ලා ගැනීමට හැකිවී ඇති අතර එහි තිබූ කුණු මාළු කොටස් ලොරියේ රියදුරු අසුන සිට සියලු තැන්වලට දමා ලොරියේ ටයර්වල හුළං ඇර සිද්ධිය පොලිසියට දන්වා ඇත.
2025 දෙසැම්බර් මස 18
577
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාළු කඩේ ගෝලයෝ කුණුමාලු පරිසරයට මුදා හැරලා
විජිත් Wednesday, 01 January 2025 06:30 PM
එඩිතර ජනතාවට ප්‍රණාමය !!! මුළු රටේම ජනතාවට ආදර්ශයක් !!! සැමට සුබම සුබ නව වසරක් වේවා !!! ලංකාදීප ඔන්ලයින් කර්තෘතුමා ඇතුළු කාර්යමණ්ඩලයේ සියලුදෙනාටම වාසනාවන්ත නව වසරක් වේවා !!!
sam Thursday, 02 January 2025 08:29 AM
නියමයි බලධාරියනි... ඔය ලොරි රාජසන්තක කරලා රියදුරාව අවුරුදු2 කටවත් හිරේ දාන්න එතකොට තමයි අනිත් එවුන් ඉගෙන ගන්නේ
Lalla Thursday, 02 January 2025 09:48 AM
ෂහ්... වැඩේ බාලයි... ලොරියේ ආපු එවුන්වත් කුනු මාලු කරන්න බැරිද!
DMS Thursday, 02 January 2025 07:51 PM
ටීම් එකට සැලකුවේ නැද්ද ?
Hasith Friday, 03 January 2025 10:15 AM
මාලු කඩ ඔක්කොම එහෙමයි. කටුගස්තොට ගොහගොඩ පාරේ වංගුවේ තියනවා උදේට මාලු කපන තැනක්. ඔක්කොම ජාරාව. කෙලින්ම කාණුවට යවන්නේ. එතනින් පහල මහවැලි ගඟේ, නුවරට බොන්න වතුර පොම්ප කරන්නේ . මේක ප්‍රසිද්ධියේ කරන්නේ. PHIලා නගර සභාවේ උදවියත් මාලු ගන්නවා ඇවිත්. වගේ වගක් නෑ . පිං පඩි කාරයෝ.