IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අටබාගේ රෝහලටම බඹර ප්‍රහාරයක්

(සුරංග රාජනායක)

බඹර ප්‍රහාරයකට ලක් වූ කාන්තාවක කෑ ගසමින් ගම්පොළ අටබාගේ උඩගම ග්‍රාමීය රෝහලට දිව යාම නිසා ඇය පසුපස පැමිණි බඹරුන් රෝහල් සායනයට පැමිණ සිටි පිරිසට හා වෛද්‍යවරියට බරපතල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එකොළොස් දෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

එම බඹරුන් රෝහල් කාර්ය මණ්ඩලයේ සිව් දෙනකුට වෛද්‍ය සායනය සඳහා පැමිණ සිටි කාන්තාවන් අට දෙනකුට හා  මෙන්ම වෛද්‍ය සායනය පැවැත් වූ වෛද්‍යවරියටද ප්‍රහාරයක් එල්ල කර තිබේ.

අටබාගේ කලවැල්ගොල්ල ප්‍රදේශයේ ගසක බැඳ තිබූ බඹර වදයකට උකුස්සකු පහර දී ඇති බව ගම්මු පවසති.

එම ස්ථානයෙන් ගමන් ගත් කාන්තාවකට මෙම බඹරුන් විද ඇති අතර ඇය කෑ ගසමින් බඹරුන්ගෙන් බේරීම සඳහා මෙසේ රෝහල වෙත දිව ගොස් තිබේ.

එම අවස්ථාවේ රෝහල තුළ වෛද්‍ය සායනයක් පැවැත්වෙමින් තිබීම නිසා වැඩි පිරිසක් එහි එක්ව සිට ඇත. මෙම කාන්තාව කෑගසමින් එම පිරිස වෙත යාමත් සමඟ ඇය පසුපස පැමිණි බඹරුන් ඔවුන් සියල්ලටම ප්‍රහාර එල්ල කර තිබේ.

මේ පිරිස රෝහලේ ජනෙල් දොරවල් වසා ගෙන හා ගිනි ගොඩවල් ගසා බේරීමට උත්සාහ දරා ඇති අතර පසුව ගිලන් රථ දෙකක් රෝහල වෙත ගෙන්වා බරපතළ ප්‍රහාරයන්ට ලක්වූ පිරිස ගම්පොළ රෝහල වෙත යවා තිබේ.

රෝහල අසල තිබූ වෙළඳසැල්වල පිරිස් හට ද බඹර තර්ජන එල්ල වීම සමග ඔවුන්ද වෙළඳසල් වසා ගිනි දල්වා දුම් ගසා බේරීමට උත්සහ ගත් බව පැවසීය.

 



අදහස් (1)

අටබාගේ රෝහලටම බඹර ප්‍රහාරයක්

Lankaputha Thursday, 02 January 2025 10:58 AM

එය සිදුවූයේ කෙසේද යන්න ගැන සිතීම පවා හාස්‍යජනක ය, මිනිසුන්ට දුක් විඳීම ගැන කණගාටු වුවද ... නැවතත්.. නිකමට හිතන්න කාන්තාවක් රෝහලකට දුවගෙන ඇවිත් බඹරුන් පස්සෙන් එනවා කියලා. නිකන් කාටුන් එකක් වගේ..

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site