
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව නොගෙවීමට රජය තීරණය කර ඇත.
රටේ ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම දීමනාව ගෙවීමේදී පාර්ලිමේන්තුවට පමණක් විශේෂත්වයක් දැක්වුවහොත් එය නරක පූරාදර්ශයක් වනු ඇතැයි ආර්ථික උපදේශකයන් රජයට පෙන්වාදී ඇත.
පාර්ලිමේන්තුවේ 1200ක් පමණ මෙම දීමනාව ලබා ගැනීමට හිමිකම් ලබා සිටියහ.
පාර්ලිමේන්තුවේ සේවකයන් පිරිසක් රජයේ ප්‍රධානීන් හමුවී පසුගියදා මෙම දීමනාව ලබා දෙන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණ.
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියකුගෙන් ඊයේ කළ විමසුමකදී ඔහු පැවසුවේ එම දීමනාව නොගෙවීමට රජය තීරණය කර ඇති බවයි.
2025 දෙසැම්බර් මස 04
691
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැතිසබේ හිලව් දීමනාවට පොල්ලක්
රන්දීර් Wednesday, 01 January 2025 04:46 PM
මම දන්නා තරමින් ඕක සේවකයින්ට දශක ගණනාවක් ලැබුණු දෙයක්. පාර්ලිමේන්තු සේවයේ ඇති විශේෂත්වය මත පදනම්ව සේවකයින් නිවාඩු ගැනීමේදී ඇති විය හැකි දුෂ්කරතා මග හැරවීමට අතීතයේදී ගත් ක්‍රියාමාර්ගයක්. මේ පුවතේ හැටියට මෙ රජයෙන් සේවක අයිතීන් කප්පාදු කිරීම ඉතාම අවාසනාවන්ත තත්වයක්.
Perera Wednesday, 01 January 2025 05:09 PM
කළින් හිටපු මැති ඇමැතිලා ලොකු හැඳිවලින් බෙදාගන්න කොට පාර්ලිමේන්තු සේවකයින්ටත් ඉතින් දන්කුඩවත් දෙන්න ඕනනේ... දැන් තාලේ වෙනස්... කාලේ වෙනස්. ඔය දීමනා ඕන නැහැ.
sasm Thursday, 02 January 2025 08:36 AM
දෙන්ඩ එපා.. මෙච්චර කලුත් පිනටම කලා තවත් සල්ලිත් ගෙවන්ඩ