රට හාල් මෙට්‍රික්ටොන් 85000ක් වෙළඳපොලට
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (2) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 85,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (2) පස්වරුවේ පැවසීය.