’’ඔබට හොඳ සෞඛ්‍යයක් දීම අපේ වගකීමයි’’ ආර්ථිකය නැංවීමට දායකවන ජනතාවට නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් අත්පත් කරදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය වන බව නව වසරේ රාජකාරී ආරම්භ කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පැවසීය. 01 January 2025
තරුණ-ක්‍රීඩා අමාත්‍යංශයත් ක්ලීන් වෙයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ද රජයේ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව අද වැඩ ඇරැඹූහ. 01 January 2025
උද්ධමනය පිට පිටම සිවුවැනි මසටත් සෘණ අගයක් කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව වාර්ෂික ලක්ෂ්යමය වෙනසින් මනිනු ලබන මතුපිට උද්ධමනය පිට පිටම සිවුවැනි මසටත් සෘණ අගයක් ප්‍රදර්ශනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 01 January 2025
නඩුකාරවරුන්ට මාරුවක් මහේස්ත්‍රාත්වරුන් කිහිපදෙනෙකුට අධිකරණ සේවා කොමිසම විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් කරනු ලැබ ඇත. 01 January 2025
ටිපර් රියදුරු ටිපර් රථයෙන් වැටීමරුට බණ්ඩාරගම ගුංගමුව ගල් මෝලක් තුළදී ගල් පැටවූ ටිපර් රථයෙන් බිමට වැටී රියදුරු මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි. 01 January 2025
ගංගාරාමයේ ආශීර්වාද වැඩසටහනෙන් ජනතාවට නව වසරට ආශීර්වාද කිරීම සඳහා කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විශේෂ ආශීර්වාද වැඩසටහනක් අද (1) පෙරවරුවේ පැවැත්විණි. 01 January 2025
සාදයේදී බීමක් විස වී තරුණයා මරුට නව වසර උදාව සමරමින් සාදයකට සහභාගී වී සිටි තරුණයින් දෙදෙනෙකු භාවිතා කළ යම් පානයක් අසාත්මික වීමෙන් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කැස්බෑව පොලීසිය පවසයි. 01 January 2025
අයවැය පෙබරවාරි 17 පාර්ලිමේන්තුවට රජයේ අයවැය ලබන මස 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 01 January 2025
ආහාර උද්ධමනය අඩුවුණේ ආහාර රැසක මිල අඩුවීමෙන්ලු ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මාසයේ සියයට 0.0 දක්වා පහතට වැටීමට හේතුව ප්‍රධාන ආහාර වර්ග කීපයක මිල අඩුවීම බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 01 January 2025
රජය ආනයනය කළ ප්‍රථම සහල් තොගය අද සිට සතොස හා - සමූපකාරවලට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ආනයනය කළ ප්‍රථම සහල් තොගය ලංකා සතොස හා සමූපකාරවලට අද (01) සිට බෙදා හරින බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. 01 January 2025
මල් වෙඩි බලන්න ආ මව - පුතා දුම්රියක ගැටෙයි කොළඹ සිට ගාල්ල බලා ගමන්ගත් දුම්රියක බෙන්තොට දුම්රිය ස්ථානය අසලදී ගැටීමෙන් තුනටිය ප්රදේශයයට බරපතළ තුවාල ලැබූ 39 හැවිරිදි මවක සහ වමතේ කොටසක් වෙන්වන පරිදි බරපතළ තුවාල ලද ඇයගේ හය හැවිරිදි පුත්‍රයා බෙන්තොට රෝහලට ඇතුළත් කළ බව බෙන්තොට පොලීසිය පැවසිය. 01 January 2025
අවුරුද්ද සුබ වෙන්න ඔක්කොම එකට වැඩ කරමු රට ගොඩනැගීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කළොත් අලුත් අවුරුද්ද සුබ වනු ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් පැවසීය. 01 January 2025
මල්නෙලන්න ගිය තරුණයා වැවේ සැඟවෙයි දඹුලු විහාරයට පැමිණෙන ජනතාවට බුදුන් වැදීම සඳහා සීගිරිය ගෙඩිගස්වලාන ප්‍රදේශයේ වැවක මල් කැඩීම ගිය තරුණයකු අද(01) දියේ ගිලී මිය ගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි. 01 January 2025
රේගුවෙන් ට්‍රිලියන 1.5 ක වාර්තාගත ආදායමක් ශ්‍රී ලංකා රේගුව පසුගිය වසරේ (2024) රුපියල් ට්‍රිලියන 1.5 අධික වාර්තාගත ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. 01 January 2025
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල නිවාස 132ක් පාලුවට ඇරලා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දුම්රිය නිල නිවාස 132ක් තුළ කිසිවෙකු පදිංචිවි නොමැතිව හිස්ව පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කොට ඇත. 01 January 2025
‘දූෂණ පිළිකාව සුව කරනවා‘ ශ්‍රී ලංකාවට වැළඳී තිබෙන දූෂණය වංචාව නාස්තිය නැමැති පිළිකාව සුව කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් ජනාධිපති කාර්යාලයේදී පැවසීය. 01 January 2025
පැන්ෂන් ගිය ලොක්කෙකුගේ රජ සැපට කෝටියක් පුදලා විශ්‍රාම ලැබූ උසස් නිලධාරියෙකු පාර්ලිමේන්තුවේ එක්තරා සභාවක ලේකම් ධූරයකට පත් කර වැටුප් හා වෙනත් පහසුකම් වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ලබාදීමෙන් රජය මේ දක්වා රුපියල් කෝටියකට වැඩි අමතර වැය බරක් දරා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 01 January 2025
බසය-ත්‍රිරෝද රිය ගැටීමෙන් හත්හැවිරිදි දරුවා මරුට වවුනියාව පාවක්කුලම්හිදී බසයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 07 ක් පමණ වන දරුවකු මියගොස් ඇති බව උලුක්කුලම පොලිසිය සදහන් කරයි. 01 January 2025
‘ජනවරමේ වගවීම හා වගකීම ඉටු කරනවා‘ දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදු කරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටු කිරීමට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා නව වසර වෙනුවෙන් සුබ පැතුමි පනිවිඩයක් නිකුත් කරමින් පවසයි. 01 January 2025
තැනින් තැනට තද වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 January 2025
2025 පිළිගන්න ලොව පුරා සැමරුම් සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි. 01 January 2025
අවුරුදු උදා වෙද්දී පුවර්ටෝ රීකෝ අඳුරේ ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උදාව පිළිගත්හ. 01 January 2025
රනිල් මැල්කම්ට නයිට් පදවියක් ශ්‍රී ලංකා සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රනිල් මැල්කම් ජයවර්ධන මහතාට තෙවැනි චාල්ස් රජු විසින් නයිට් පදවියක් පිරිනමා ඇත. 31 December 2024
භූමිතෙල් ලීටරයක් රුපියල් 5 කින් අඩුවෙයි භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) රාත්‍රී නිවේදනය කළේය. 31 December 2024
’’අරගල සමයේ එක් උණ්ඩයකින් හෝ වෙඩි තියන්න නියෝග දුන්නේ නෑ’’ අරගල සමයේ එක් උණ්ඩයකින් හෝ සාමාන්‍ය වැසියකුට වෙඩි තැබීමට තමා නියෝග නුදුන් බවත් නිල බලයෙන් උමතුවී ජන ඝාතකයකුවීමට තමා උත්සුකවීමට තමාට අවශ්‍ය නොවූ බවත් හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 31 December 2024
බන්ධනාගරයේ ඉන්න මිතුරාට අයිස්-දුම්කොළ ගෙනල්ලා සොරකමක් සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයේ බන්ධනාගාරගතකර සිටින රැඳවියෙකුට දිම සඳහා අයිස් සහ දුම්කොල රැගෙන පැමිණි රැඳවියාගේ මිතුරන් දෙදෙනෙකු අද(31) අත් අඩංගුවට ගත්බව ගාල්ල පොලිසිය පවසයි. 31 December 2024
හොරෙන් එන්ගලන්තයට පනින්න ආ දෙන්නෙක් මාට්ටු කූඨ ලෙස සකස් කළ මෙරට ගමන් බලපත්‍ර උපයෝගී කර ගෙන නේපාලයේ කත්මණ්ඩු නුවර හරහා එංගලන්තය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු අද(31) කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 31 December 2024
බැක්ටීරියා ඖෂධයක් ගේන ලංසුව පකිස්ථානයට බැක්ටීරියා ප්රතිකාරක ඖෂධයක් වන මෙරපනම් එන්නත් ග්‍රෑම් 1න් වයල් 900,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 December 2024
බුද්ධිමය දේපළ පනතේ නියෝග පාර්ලිමේන්තුවට භූගෝලීය දර්ශක ලියාපදිංචිය සඳහා 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යටතේ ප්‍රකාශයට පත් කරනු ලැබූ නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 31 December 2024
ලංකාදීප FT හෙට සිට ලංකාදීප පුවත්පත සමඟ ලංකාදීප FT අතිරේකය හෙට සිට ලංකාදීප පුවත්පත සමඟ ඔබ අතට පත් කිරීමට විජය පුවත්පත් සමාගම කටයුතු කරයි. 31 December 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026