
(යොහාන් භාසුර)
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි දීමනාව කපාහැරීමට වරාය අධිකාරියේ පරිපාලනය කටයුතු කිරීම නිසා එහි සේවකයෝ ඊයේ රාත්‍රී පැය 4 කට ආසන්න කාලයක් වැඩ වර්ජනයකට නිරත වූහ.
එම පර්යන්තවල සේවකයෝ ඊයේ රාත්‍රී 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වර්ජනයේ නිරත වූ බවත් ඒ හේතුවෙන් අවම වශයෙන් වරාය අධිකාරියට රුපියල් කෝටි 30 ක පමණ අලාභයක් සිදුවන්නට ඇති බවත් වරාය අධිකාරිය උසස් නිලධාරියෙක් පැවසීය.
වරාය අධිකාරී පරිපාලනය එම සේවකයන්ගේ නිවාඩු දින අතිකාල දීමනාව පැවති ක්‍රමයටම ලබාදෙන බවට නැවතත් ලිපියක් නිකුත් කිරීමෙන් පසු අද (10) අලුයම 12.30 ට පමණ සේවකයන් වැඩ වර්ජනය අතහැර දැමූ බවද එම නිලධාරියා කීය.
සේවකයන් මෙම වැඩවර්ධනය ආරම්භ කරන විට එම පර්යන්ත දෙකේ භාණ්ඩ නෞකා 6 ක් නැංගුරන් ලා තිබූ බවත් වර්ජනය හේතුවෙන් එම නෞකා හයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටි බවත් එම නිලධාරියා කීය.
COMMENTS
පරිපාලන ගොන්නු...
අවුරුදු 50ක් වැඩවර්ජනය කරලා මිනිස්සු පාරට බස්සලා රටට කරලා තියෙන පාඩුව කොහොම ඇද්ද? ඒත් ඉතින් හොරු නෙවෙයිනේ... හරි හොඳයි.
එන නැව් ටිකත් නවත්තපල්ලා... අපිට ඉතුරු ටිකත් කාලාම දාපල්ලා.
මොනවද මේ මස් රාත්තලම ඉල්ලන වර්ජන...! මේවා පුරුදු කරලා මිනිස්සුන්ගේ ශරීරවලට කා වැද්දූවේම සමාජ, කොමිනිස්ට්, බණ්ඩාරනායක, ජවිපෙ දේශපාලුවන්...! ඒකට වටපිටාව සැකසුවේ යූඇන්පී හොර තක්කඩියන්! අද ලක්ෂ 25ක් විතර රජයේ සේවකයින්ට පඩි ගෙවන කොට ආණ්ඩුව බංකොලොත්! ඔවුන්ගේ පඩි දීමනා ලක්ෂ ගණන් ආණ්ඩු බය කරලා වැඩි කරගෙන...! තවත් පඩි වැඩි කරනවා! රජයේ සේවකයින් කියලා ඉන්න වංචාකාරීව පහසුවෙන් ජීවත්වෙන අය දහස් ගණනින් බඳවා ගන්නවා...! මේ රටට සත්‍යය වශයෙන්ම ආදරය කරනවා නම් උගත් නූගත් හැමෝම සාමාන්‍ය පඩියට ප්‍රයෝජනවත් වැඩ කිරීමට සූදානම් විය යුතුයි... දැනටමත් මේ ලක්ෂ ගණන් පඩි දීමනා ඔරොත්තු දෙන්නේ නෑ! මේ සත්‍යය මේ රටට පහදා දී ඒ මත පිහිටා ක්‍රියාකරන දේශපාලන බලවේගයක් බලයට පත්වන තුරු මේ රට දශමයක් වත් ඉදිරියට යන්නේ නෑ! මේ ව්‍යාපාරයට නායකත්වය දෙන සත්‍යය හා අවිහිංසාව මත ක්‍රියාකරන ලාංකේය ගාන්ධි පහළ වනතුරු මේ රටට ගැලවීමක් නොමැත...
කාලකන්නි ජෙප්පෝ
ඉස්සර නම් වරාය වර්ජනය කරන හැම මොහොතෙම ඉස්සරහින්ම හිටියේ අපේ ලක්‍ෂ්මන් නිපුනආරච්චි මන්ත්‍රීතුමා කියලා අහලා තියනවා. මේ පාරත් එතුමා සේවක සහොදරයන් සමගද නැත්නම් අර මැයි දිනයෙදී අනුර කුමාර ජාධිපති කිව්ව නිසා වෘත්තිය සමිති පරණ ඇඳුම් ගලවලා වර්ජනය නොකර ඉන්න කියලා ගෙදරට වෙලා නිදියගත්තද? ඒ කාලේ කෝටි 30ක් නෙවෙයි කෝටි 100ක් පාඩු වුණත් ලූනු බිකක් ඕනෙමයි කියලා කිව්වනේ.
වෙන රටවල කෙනෙක් පැය 38කට වැඩිය වැඩ කරන කොට අතිකාල දීමනාව X1.5ක් ගෙවනවා. රටේ නිවාඩු දිනයක වැඩ කලොත් X2.25ක් ගෙවනවා. එහෙම කරන්නේ අනිත් මිනිස්සු නිවාඩු දිනවල තමන්ගේ පවුලේ අය එක්ක ඉන්නකොට පවුලත් අමතක කරලා වැඩට එන හින්දා. අනිත් අයට බනින්න ඉස්සෙල්ලා ඔය කොම්මෙන්ට් කරන අය නිවාඩු දවස්වල වැඩ කරලා තියෙනවාද කියලා හිතලා බලන්න.