IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඩෙංගු -චිකුන්ගුන්යා මඩින්න සෞඛ්‍ය බලධරයෝ රැස් වෙති

(අංජුල මහික වීරරත්න)

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවීමකට අනූව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන්  සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

වසංගත රෝග විද්‍යා අංශයේ සහ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සියලුම අංශ නියෝජනය කරන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග මර්දනය  සහ පාලනය සදහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග පිළිබඳව ඉතා පුළුල් වශයෙන් සාකච්ඡා කරනු ලැබී ය.

 රත්නපුර රෝහල ආශ්‍රිතව පසුගිය දිනවල වාර්තා වූ තත්ත්වය පිළිබඳවත් එමෙන් ම දිවයිනේ අවදානම් දිස්ත්‍රික්කවල වත්මන් තත්ත්වය පිළිබඳවත් මග කරුණු සොයා බැලිණි.

 ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග පාලනය සහ මර්දනය සදහා අවශ්‍ය කෙටි කාලීන සහ දිගු කාලීන සැලැස්මක් සකස් කිරීමට අවශ්‍ය මූලික ක්‍රමවේදයක් පිළිබඳව අවධානය යොමු වූ අතර විශේෂයෙන් ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ තීන්දු තීරණ රාශියක් ද මෙහි දී ගනු ලැබීය.

එම සැලසුම් ඉතා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කළ යුතු බව මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා එම අවස්ථාවේ දී ම අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය.

මෙම සාකච්ඡාව සදහා  ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, ප්‍රධාන වසංගත රෝග  විද්‍යාඥ හසිත තිසේරා මහත්වරුන් ඇතුළු  එම අංශවල සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරු ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී වූහ.



අදහස් (0)

ඩෙංගු -චිකුන්ගුන්යා මඩින්න සෞඛ්‍ය බලධරයෝ රැස් වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site