
(යොහාන් භාසුර)
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අස්විනි ප්‍රනාන්දු මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රීපුද්ගල කමිටුවක් පත් කළ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
අදාළ සිද්ධියේ විමර්ශන කටයුතු කරන පොලිස් කණ්ඩායම සහ දරුවාගේ මාපියන් සමග අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
මෙනෙවිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීය.
පාසල තුළ හා උපකාරක පන්තිය තුළ සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් අපක්ෂපාතීව, නිවැරදිව, ඉතා කඩිනමින් විමර්ශනයක් කරන ලෙස පොලිස් විමර්ශන කණ්ඩායමට උපදෙස් ලබා දුන්නාය.
මෙම සිද්ධිය දැනුම්දුන් මොහොතේ සිදු කළ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදුවූවා ද යන්න පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරමින් පවතින බව මෙම පිරිසට අග්‍රාමාත්‍යවරිය දැනුම් දුන්නාය.
ළමා හිංසන සිද්ධි සම්බන්ධයෙන් මැදිහත් විය යුතු රාජ්‍ය ආයතන වල සම්බන්ධීකරණය ඉතාම දුර්වල මට්ටමක පවතින බවත්, එහිදී හිංසනයට ලක් වූ දරුවා පිළිබඳව යහපත් අයුරින් ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකරන බවත් ඇය පැවසුවාය.
මෙම අවස්ථාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කෝටම ඉස්සෙල්ලා සරෝජා පෝල්රාජ් කියන උද්දච්ච මෝඩ ඇමැතියාව ගෙදර යවන්න...
මේවගේ දෙයක් උද්ඝෝෂණය කරන්න ඉස්සෙල්ලා මේ ආණ්ඩුව කළා නම් තමයි අපිට සතුටක් දැනෙන්නේ...?
දැන් තමයි නැගිටලා තියෙන්නේ, මෙයත් කජුසීයාගේ ජාතියේම එක්කෙනෙක් තමයි.. වැරැදිලා වෙන පක්ෂෙක ඉන්නේ...!
අහිංසක දරුවෙක් මාර්ගගත අයට හෙණ හතම ගහපුවාවේ... බොරු රකින්නයි, අපරාධ කරන්නයි CID යන එක NPP ආණ්ඩුවේ පුරුද්දයි.
කලින් ආන්ඩු කමිටු පත්කරලා සල්ලි නාස්තිකරලා කියලා කෙතරම් කෑගැහුවද මේ අය? දැන් කරන්නේ ඒ දේම නේද? මේ ටිකට කමිටු කීයක් දැම්මද මොකක්ද ප්‍රතිඵලය? මහජනතාවට අමතක වෙනකම් ඇදගෙන යනවා. හොඳම උදාහරනය කන්ටේනර් පන්නපු එකට දාපු කමිටුව. කෝ රිපෝට්?
ආණ්ඩුවේ සල්ලි දාලා කමිටු දාලා JVP බත් බැලයෝ රකින්නේ...
අපරාධකරුවන් තම දේශපාලන ආධාරකරුවන් වනවිට නිර්ලජ්ජිතවම මැනවින් සුරකින ආන්ඩුව විසින් පත්කරන මේ කමිටුවේ නිර්දේශයන් ගැන ඕන කෙනෙකුට කල් ඇතිවම කියන්න පුළුවන්. කාන්තා සහ මා කටයුතු බලන අගමැතිනිය ඉල්ලා අස්විය යුතූ නමුත් එයද කිසිදිනෙක සිදු නොවනු ඇත.
ත්‍රී පුද්ගල කමිටුව පත්කර කරන නාඩගම පස්සේ කරන්න පුළුවන්, දුෂණ කරපු කාලකන්නි ගුරුවරයා අත්අඩංගුවට අරන් හිර ගෙදර යවන්න. නැත්තන් මේ ආණ්ඩුවටත් රනිල් රාජපක්ෂටත් කිසිම වෙනසක් නැත.
මේක ඛේදජනක සිදුවීමක්. අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පොලිසිය, දේශපාලනඥයින් සහ අනෙකුත් අදාළ බලධාරීන් දරුණු ලෙස අසමත් වූ බව පෙනෙනවා. මේ ආණ්ඩුව පත් කළේ මේ වගේ සිදුවීම් ඇති කරන්න නොවෙයි. සරෝජා පෝල්රාජ් පාර්ලිමේන්තුවේ විකාර කතා කියනවා. මේක ලැජ්ජාවක්...!