IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ

(සුජිත් හේවාජුලිගේ )

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින්  නිකුත් කරනු ලැබ ඇත.

2025 අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ අවම මූලික වැටුප වැඩිකිරීම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් සඳහා ආපදා ණය ලබාදීමේ උපරිම සීමාව දැනට පවතින රු. 250,000 සිට රු. 400,000 දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇති බව එහි දැක්වේ

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කරමින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය 2025.05.01සිට ක්‍රියාත්මක කෙරේ.

A



අදහස් (2)

ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ

prasanna Saturday, 10 May 2025 03:45 PM

රාජ්‍ය සේවකයින් විතරද මේ රටේ ජීවත් වෙන්න ඕනේ? කන්න අඳින්න ඕනෑ...?

:       0       10

Liyanage Saturday, 10 May 2025 05:08 PM

අපි සේවයට යනවිට ඇන් ඇම් පෙරේරා මුදල් ඇමැති හැටියට ආරම්භ කළ ණය සහන සභා ක්‍රමය ක්‍රියාත්මක වුණා.. ඒ ක්‍රමය රජයට බරක් නැතුව නිලධාරි හා සේවකයින්ට ණය ගන්න අවස්ථාව ඇතිකර තිබුණා. දෙපාර්තමේන්තුවක සහකාර ප්‍රධානියෙකු සභාපති හැටියට පත්වෙද්දී ලිපිකරු සේවයේ කෙනෙක් ලේකම් හැටියට සමස්ථ කාර්ය මණ්ඩලයේ ඡන්දයෙන් පත්වුණා. වැන්දඹු, අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට වගේ එයටත් මාසිකව සාමාජික මුදලක් වැටුපෙන් අයකළා... මුලින්ම රජයේ අරමුදලකින් ආරම්භ වුණත් පසුව එය සාමාජිකයින්ගේ සාමාජික මුදලින් හා ණය වාරික හා පොලියෙන්ම නඩත්තු වුණා. ඉතාමත් සාර්ථක ක්‍රමයක්... සැමටම සාධාරණව එය ක්‍රියාත්මක වුණා. ඉතින් අපිට ඒ කාලයේ මාස හයක වැටුපට සමාන ආපදා ණයක් ලැබුණා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site