(සුජිත් හේවාජුලිගේ )
විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
පළාත් පාලන ආයතනවල තනතුරු වලට පත් කිරීමට සුදුසුම පුද්ගලයන්ට සහාය දෙන බවද ඔහු සඳහන් කළේය.
සර්ව ජන බලය පක්ෂය කෙටි කලකදී ලබාගත් දියුණුව සුවිශේෂ එකක් බව පැවසූ මහාචාර්යවරයා මෙවර පළාත් පාලන මැතිවරණයේදී මන්ත්‍රීවරු දෙසිය ගණනක් දිනාගත් බවද සඳහන් කළේය.
සර්ව ජන බලය මෙරටේ ඉදිරියට එන ප්‍රධාන දේශපාලන දහරාව බවට ඉදිරියේදී පත්වනු ඇතැයිද චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.
පසුගාමී වැඩපිළිවෙළ හේතුවෙන් මාලිමාව මෙවර පළාත් පාලන ඡන්දයේදී පසුගිය මහ මැතිවරණයට වඩා ඡන්ද ලක්ෂ විසිතුනක් අඩු කරගත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
වාසි බලාගෙන පුංචි ආණ්ඩු හදන්න එකතු වෙන්නේ නෑ
ක්ලැරන්ස් Saturday, 10 May 2025 05:23 PM
පෙනීම දුර්වල බොහෝ දෙනෙක් මාලිමාවේ ලාංඡනයයි, පදක්කමේ ලාංඡනයයි පටලවා ගත්තා කියලා හිතෙන්නේ මට විතරද?
වලිප්පු සේමසිංහ Saturday, 10 May 2025 07:36 PM
අමුතු කෙනෙක්...!
පිටිගල මිලානෝ Saturday, 10 May 2025 10:59 PM
රුපියල් අස්සේ අළුක්කාල් ගහන කවුද බොලේ මේ ඇලිස්….?
Brian Sunday, 11 May 2025 04:56 AM
පාර්ලිමේන්තුවේ ඇමැතිකන් කරලා ආපහු විශ්ව විද්‍යාලයේ මහාචාර්යකමට ගියේ කොහොමද මෙයා...?
Lelwala Sunday, 11 May 2025 12:24 PM
රාජපක්ෂ කඳවුරෙන් දේශපාලනයට අත්පොත තැබූ මොහු දේශපාලනයෙන් අනාථයෙක්. ඡන්ද පදනමක් නැති කයිවාරු කාරයෙක්.
ගමේ එකාලා Sunday, 11 May 2025 04:22 PM
සාටකයින්ගේ කරේ එල්ලුණු අය ගැන, අපි නම් හොඳාකාරවම දන්නවා. තමුන් ඒ කාලේ කියපු, කරපු දේවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.