උසස් පෙළට කාලගුණය හරස් වෙයි පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ දින වල පවතින අපොස උසස් පෙළ විභාග එළැඹෙන 27 28 සහ 29 යන තෙදින තුල නොපැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර මහතා පැවසීය. 26 November 2024
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක ධූරයට මෛත්‍රී මුර්ති හිමි පත් වෙති කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නාහිමියෝ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක ධුරයට තේරි පත්වූහ. 26 November 2024
’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’ උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගැන නැතැයිකැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය. 26 November 2024
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු 26 වෙනිදා සවස 4.00 වන විට සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට පියවර ගත් බව පොළොන්නරුව කළමනාකරණ කාර්යාලය සඳහන් කරයි. 26 November 2024
පරාක්‍රම සමුද්‍රයේ දොරටු 10ම ඇරේ: මඩකලපුව මාර්ගය වහයි මහවැලි ගඟ මනම්පිටිය ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා මනම්පිටිය ගල්ලෑල්ල මාර්ගය ජලයෙන් යටවීමත් සමග පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු 26 වෙනිදා සවස 4.00 වන විට සම්පූර්ණයෙන්ම නතර කර දැමීමට පියවර ගත් බව පොළොන්නරුව කළමනාකරණ කාර්යාලය සඳහන් කරයි. 26 November 2024
කල්ඉකුත්වන දිනය වෙනස් කළ සහල් කිලෝ 17000ක් අල්ලයි අසුරණයෙහි නිෂ්පාදිත දිනය වසර දෙකහමාරක් ඉදිරියට ගෙන සටහන් කර තිබූ සහල් කිලෝග්‍රෑම් 17,925 ක තොගයක් කොළඹ 14 ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසීය. 26 November 2024
ආසියා සංවර්ධන බැංකුව විදෙස් ආයෝජනවලට අත දෙන්න ලෑස්තියි විදේශ ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකා රජයට සහාය ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමුවී ඇතැයි එහි නියෝජිතයෝ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එන්.ආර්.ඩී.අපෝන්සු මහතා සමඟ ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති සාකච්ඡාවේදී සඳහන් කර තිබේ. 26 November 2024
’’නීති විරෝධී සංවිධානයක් සැමරීමට කිසිදු ඉඩක් නෑ’’ රටේ නීතියෙන් තහනම් කරන ලද සංවිධානයක සැමරුම්,ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 26 November 2024
වාහන ගෙන්වන හැටි ඇමති කියයි වාහන ආනයනයට අවසර දෙන්නේ අදියර තුනක් යටතේ බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. 26 November 2024
නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම අත්හිටුවයි සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය. 26 November 2024
මහ වැස්සෙන් ගම් නියම් ගම් යටවේ පවතින අධික වර්ෂාවත් සමඟ දිවයිනේ දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 44ක පවුල් 15,670කට පුද්ගලයන් 55,416ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි. 26 November 2024
නීති විරෝධිව රැදී සිටි විදේශිකයෝ 26ක් අත්අඩංගුවට සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් , කොළඹ කිරුලපන ප්‍රදේශයේ තාවකාලික නේවාසිකාගාරක රැදී සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ . 26 November 2024
අනුරගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දෙදින විවාදයක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 26 November 2024
කොළඹ - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 26 November 2024
නිවුන් සොයුරා සමඟ නිදා සිටි 21 තරුණයා අතුරුදන් නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි. 26 November 2024
නව රජයේ ප්‍රසම්පාදන වැඩට නව මාර්ගෝපදේශ සංග්‍රහයක් රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව පියවර ගනී. 26 November 2024
ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කරන්න කැබිනට් අනුමැතිය ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 November 2024
පරිපූරකය වියදම් කරන්නේ මෙහෙමයි වසරේ ඉදිරි කාලයේ වියදම් දැරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීමට නියමිත රුපියල් මිලියන 219,373 ක පරිපූරක ඇස්තමේන්තුව මගින් වියදම් දැරීමට අපේක්ෂිත ක්ෂේත්‍ර ගැන රජය කරුණු දක්වා ඇත. 26 November 2024
ඩීසල් නැව් හතරක් ගන්න කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 November 2024
අයවැය එන දවස ටක්කෙටම කියයි 2025 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 November 2024
චීනයට එන්නැයි ජනපතිට ආරාධනයක් චීනයේ නිල සංචාරයකට සහභාගී වන ලෙස ජනාධිපති අනුර දිසානායක මහතාට ආරාධනයක් ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 26 November 2024
මහ බැංකු වංචාවට අර්ජුන් මහේන්ද්‍රන්ට නොතීසි 2015 වසරේ ශ්‍රී ලංකා මහා බැංකු භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් දූෂණය නම් වරද සිදු කර ඇතැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට පෙබරවාරි මස 25 දින අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් නොතීසියක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාඅද නිකුත් කළේය. 26 November 2024
අර්චුනා රාමනාදන්ට වරෙන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට යාපනය ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී හරහා වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (26) නියෝග කළේය. 26 November 2024
E 8 ගැන සීඅයිඩියට පැමිණිල්ලක් E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 26 November 2024
මහ ඔය පොළොන්නරුව පාරේ පාලමක් ගිලා බසි අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට පොළොන්නරු දිස්ත්‍රික් ආපදා කළමනාකරන කාර්යාලයේ සඳහන් කරයි. 26 November 2024
මැතිවරණ වියදම් වාර්තාව පාර්ලිමේන්තුවට පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 November 2024
සහල් මෙට්‍රික් ටොන් 70,000ක් ගේන්න අනුමැතිය දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත. 26 November 2024
අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට 2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 26 November 2024
හැඩ ඔය ද්‍රෝණියට අනතුරු ඇඟවීමක් හැඩ ඔය ද්‍රෝණියට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 26 November 2024
පොළොන්නරුවේ ඝාතනයක වෙඩික්කරු කොටුවෙයි පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි. 26 November 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026