
(ගයාන් සූරිය ආරච්චි)
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9) අත්අඩංගුවට ගනු ලැබීය.
2018 සිට 2022 වර්ෂය දක්වා කාලය තුළදී වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් සිටියදී විකිණීම සඳහා සංවර්ධනය කරමින් තිබූ ඉඩමකට අනුමැතිය ලබාදීම සඳහා රුපියල් පනස් හතර ලක්ෂ අසූ දහසක මුදලක් ලබා ගැනීම සහ කොන්ත්‍රාත් සමාගමකට රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසක මුදලක් පැමිණිලිකරු ලවා ගෙවීමට සැලැස්වීම සම්බන්ධයෙන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු විසින් රුපියල් පනස් හතර ලක්ෂ අසූ දහසක මුදල අවස්ථා කිහිපයකදී විටින් විට ලබාගෙන ඇති බව එම කොමිෂන් සභාව පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇති බව එම කොමිෂන් සභාව කියයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩි දුර විමර්ශන සිදුකරයි
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට