IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දේශබන්දු මැතිසබා කමිටුවට 19 කැදවයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්  විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 19 වැනිදා පෙනී සිටින ලෙස තෙන්නකෝන් මහතාට පළමු වතාවට දැනුම් දී ඇත.

මේ අනුව දේශබන්දු තෙන්නකෝන්  මහතා නීතිඥවරුන්ද සමග එම කමිටුව හමුවේ එදින පෙනී සිටිනු ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති අභියාචනාධිකරණයේ හිටපු විනිසුරු නීල් ඉද්දවල සහ  ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ලලිත් ඒක නායක යන මහත්වරු කටයුතු කරති.

මෙම කමිටු සාමාජිකයන් පාර්ලිමේන්තුවේදී දින පහක් පමණ රැස්වී මේ පිළිබඳව විමර්ශන පවත්වා ඇත.

විමර්ශනවලදී අනාවරණය වන තොරතුරු අනුව පොලිස් නිලධාරීන් ඇතුළු  රජයේ නිලධාරින් පිරිසක්ද මෙම කමිටුව හමුවට කැඳවීමට නියමිතය.

මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කෙරුණේ පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණු යෝජනාවකින් අනතුරුවය.

කමිටුව දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවසාන වාර්තාව කතානායකවරයාට භාර දීමට නියමිතය.

දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඉන් අනතුරුවය.



අදහස් (0)

දේශබන්දු මැතිසබා කමිටුවට 19 කැදවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site