
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කිරීම සඳහා සජබ මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පිළිබඳ විවාදය අමතමින් දොඩාවත්ත මහතා මේ බව කීය.
"ජාතික ජන බලවේග රජයේ පත් වී ගත වූ කාලයේ මේ වන විටත් කර ඇති වරප්‍රසාද කප්පාදු කිරීම් විපක්ෂයට අමතක වෙලා.අධික වරප්‍රසාද ලබමින් ගෙවුණු දේශපාලන සංස්කෘතිය කප්පාදු කළ යුතු බවට මතය ගෙනාවේ අපි .අද විපක්ෂයටත් ඒ මතය කර තියාගෙන යන්න සිදුවෙලා.
පාර්ලිමේන්තුව විසින් සිදු කළ හැකි විශාල වරප්‍රසාද ප්‍රමාණයක් මේ වන විටත් කප්පාදු කළා. නීති මගින් කප්පාදු කළ යුතු වරප්‍රසාදත් අප කප්පාදු කරමින් ඉන්නවා. කලබල වෙන්න එපා.ඉදිරි කප්පාදු කිරීම් ද අප කරනවා යැයි මන්ත්‍රීවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මෙයා...?
සජිත්ගේ ළදරුවන්ට මේ වගේ දේශපාලන ගොන් පාර්ට් දානවා ඇරෙන්න වෙන මොනවාද කරන්න පුළුවන්...?
ප්‍රේමදාසලාගේ වත්කම් කවුරුවත් හොයන්නේ නැත්තේ ඇයි? (77ට පෙර සහ පසු මොකද ඒ ගොල්ලන්ගේ ඉතිහාසය ප්‍රසිද්ධ රහසක්නේ...!
අවුරුදු 5කට පස්සේ මාලිමාවත් වෙන්නෙත් රනිල්ගේ යහපාලන ආණ්ඩුවට වුණු දේමයි, පුළුවන් තරම් තමන්ගේ වරප්‍රසාද කපාගත්තාට වැඩක් නැහැ. ඊළඟට එන විපක්ෂ සොරමුල සන්ධානය ඔය කපපුවා ආපහු ඒ ගොල්ලන්ට හදාගන්නවා... අන්තිමට මේ අවුරුදු 5 වෙන්නේ මාලිමාවේ උන්දැලාත් දුකවිඳිනවා. රටේ මිනිස්සුත් දුක්විඳින එක විතරයි. ගහපු පදයකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ...
මෙයා NPP එකේ ජනතාවගේ නියෝජිතයේක්... ජනතා බදු මුදල් ගිල්ල හොරෙක් නෙවෙයි.
මේ වගේ හාදයෙක් නේද අර නෝනාගේ ප්‍රාඩෝ එක හොර ගෑනිට දීලා තිබිලා අහු වුනේ...?
ජනතාව රවට්ටලා ,රීරී මාංශ හූරගෙන කාපු දුශිත බලලෝබි බඩගොස්තරවාදී දේසපාලුවෝ .මහ ලොකුවට ජනතාවට සේවය කරන ,ජනතා නියෝජිතයෝ කියලයි කිව්වේ. අන්තිමට රටත් බන්කොලොත් කෙරුවා. විපක්ෂයේ උන් ගැන කියලා වැඩක් නැහැ. මාලිමා ආණ්ඩුවෙන් රටට ,ජනතාවට හොඳක් වෙනවා නම් ඒ ඇති.
ලැජ්ජා නහරය කපපු, සදාචාරය නැතිකරගත්ත මිනිහෙක්ගේ නරිවාදමක් පමණයි. ඉතිහාසය මකන්න බෑ.
ප්‍රාඩෝ එකත් නැති වුණා නේද ලොක්කා. හොර කෑල්ල ඉන්නවානේ... ඒ වෙනුවට...