IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි

(ගයාන් සූරිය ආරච්චි)

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.

මිය යන විට පනස් 52 හැවිරිදි වියේ පසු වූ ඒ මහතා දෙදරු පියකි.

ත්‍රයිරොඉඩ් ග්‍රන්ථ ආශ්‍රිත රෝගී තත්ත්වයක් සඳහා රෝහල් ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී   ඔහු මෙසේ මියගොස් තිබේ.

2010 වර්ෂයේදී පොලිස් මාධ්‍ය කොට්ඨාසය සමග සම්බන්ධ වන මහ කුමාර මහතා කාර්‍ය ශූර දක්ෂ නිලධාරියකු ලෙස හැඳින් විය හැකිය.

මාධ්‍යවේදියෙකු විසින්  පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන්  ඉල්ලා සිටින  තොරතුරු ඉතා විගසින් මාධ්‍ය වෙත ලබාදීම සඳහා  මහ කුමාර මහතා යුහුුසුළුව කටයුතු කළේය.



අදහස් (3)

ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි

NPP Saturday, 10 May 2025 01:13 AM

කළ සේවයට අපගේ ගෞරවය. ඔබට නිවන්සුව පතමි...

:       0       0

නිර්මාල් Saturday, 10 May 2025 08:43 AM

ඔබතුමාට නිවන්සුව පතමු...

:       0       1

Anuranga Saturday, 10 May 2025 11:05 AM

මගේ ජීවන ගමනේ මට හමුවූ සොඳුරු ලබැඳි මිතුරෙකි ඔබ. කිසි විටකත් පොලිස් යන ඇඳුම හෝ තනතුර ආභරණයක් නොකරගත් ඔබ බොහෝම විනෝදයෙන් අපිත් එක්ක දුක සැප බෙදාගත් ඔබ නොසිතූ ලෙසින් අද අප අතරින් සමුගෙන ගිහින් ඔබ කුමක් කියන්නද නිර්මල අපේ එකට සිටි කාලයේ කරපු කියපු දේවල් ගැන ආරංචිය ආවාම එක පාරටම හිත ලොක් වුණා මචං පතනවා ඔබට නිවන්සුව... මචං ඉපදුනොත් නැවත මේ සංසාරේ ආයෙත් මේ වගේ හමුවෙන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site