(සුජිත් හේවාජුලිගේ )
පැහැදිලි බහුතරයක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටවීමට දේශපාලන පක්ෂ කිහිපයක් අනෙකුත් පක්ෂවල සභිකයන්ගේ සහය ගැනීමට රහසිගත සාකච්ඡා අරඹා ඇත.
බලය පිහිටුවීමට සහය දෙන්නේ නම් විවිධ තනතුරු වරප්‍රසාද වරදාන ලබාදීමටද ඒ ඒ පක්ෂවලට හිතවත් ව්‍යාපාරිකයන් ඇතුළු හිතවාදීන් දැනටමත් ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ.
ඇතැම් පක්ෂ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා නීති උපදෙස් ලබා ගැනීමටද මේ දිනවල කටයුතු කරමින් සිටී බලය පිහිටුවීමේදී යම් නීතිමය ගැටලුවක් මතුවුවහොත් අධිකරණයට යෑමටද පක්ෂ තීරණය කර ඇත.
මේ අතර ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත.
ජාතික ජන බලවේගය දිනූ සභා එකසිය විස්සක එම බලවේගය දිනූ සභික ධූර සංඛ්‍යාවට වඩා වැඩි සභික ධූර සංඛ්‍යාවක් විපක්ෂය හිමිකරගෙන සිටීම සහ සභා විසි නමයක සභිකධූර සංඛ්‍යාව ජාතික ජන බලවේගයේ සභික ධූර සංඛ්‍යාවට සමාන වීම මෙම අර්බුදකාරී තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම සභාවලින් බොහොමයකට ආණ්ඩුව මෙන්ම විපක්ෂයද පාලන බලය පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.
කොළඹ මහ නගර සභාව වෙනුවෙන් ජාතික ජන බලවේගය සභික ධූර 48ක් හිමිව තිබියදී විපක්ෂයට සභිකධූර 69ක් හිමිව ඇති හෙයින් ජාතික ජන බලවේගයත් සමගි ජන බලවේගයත් එහි පාලන බලය පිහිටුවීමට කටයුතු කරන බව දැනටමත් ප්‍රකාශ කර ඇත.
මේ තත්වය හේතුවෙන් එම සභාවේ බලය පිහිටුවීම සම්බන්ධයෙන්ද දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත.
මේ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කොළඹ ඇතුළු සෘජු තනි බලයක් නොමැති සභාවන්හි පාලන බලය පිහිටුවීමට ලොකු කාලයක් ගත විය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේයපුංචි ආණ්ඩු හදන්න
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පුංචි ආණ්ඩු හදන්න නීති සහය පතයි
NPP Saturday, 10 May 2025 12:04 PM
මේ තත්ත්වය අනුර දිසානායක ජනාධිපති පැහැදිලිව ප්‍රකාශ කළා... මැතිවරණ ප්‍රචාරක රැලිවලදී. නමුත් විපක්ෂය බොරු ප්‍රචාරයක් ගෙන ගියා. වත්මන් ආණ්ඩුව... පච ආන්ඩුව කියලා දැන් මොකද වෙලා තියෙන්නේ. ප්‍රශ්න ගොඩයි, ජනතාවට අමතක වුණා මොවුන් තාම පරණ හොරු කියලා. හොඳ වැඩේ...
prasanna Saturday, 10 May 2025 12:05 PM
IPL දැන් ගහන්නේ ලංකාවේ....!
Lankabarana Saturday, 10 May 2025 12:25 PM
පළාත් පාලන ආයතනයකට විපක්ෂ නායක තනතුරක් නැත්නම් ඔක්කෝමලා යන්නේ තමන්ගේ ගම හදන්න නම් ඔක්කෝමලා එකතුවෙලා සමගියෙන් එකා වගේ එකතුවෙලා ගම හදාපල්ලා...