
විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අමාත්‍යාංශයට ලිපියක් යොමු කර ඇතැයි වාර්තාවේ.
මෙරට විදුලීය ගාස්තුව සියයට 25ත් 35ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය සළකා බලමින් සිටින බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර එළැඹි කාර්ය මණ්ඩල එකඟතාවට අනුමැතිය ලබා ගැනීමට විධායක කමිටුව යොමු කිරීම සඳහා සම්පූර්ණ කළ යුතු පියවරයන් දෙකෙන් එක් පියවරක් වන්නේද විදුලිය උත්පාදනය කිරීමට වැයවන මුදල නැවත අයකර ගත හැකි ගාස්තු ක්‍රමයක් හඳුන්වා දීමයි.
විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමේ යෝජනාව ශ්‍රී ලංකා මහජන උපයෝගී කොමිෂන් සභාව සහ ලංකා විදුලිබල මණ්ඩලය එකඟවූ සුත්‍රයට අනුව සූදානම් වෙමින් පවතින බවත් සූදානම් කිරීමෙන් අනතුරුව එම යෝජනාව මහජන උපයෝගී කොමිෂන් සභාව ඉදිරිපත් කරනු ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
විදුලිබිල සංශෝධනය කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන අතරතුර ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තිබෙන බව අප පුවත්පතට වාර්තා විය.
ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතූන්වී ඇත්තේ දේශපාලන බලාධිකාරිය සිදුකරන අනවශ්‍ය මැදිහත් වීම් සහ ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ පිරිවැයට සරිලන විදුලිය ගාස්තු ක්‍රමය බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
විදුලිය ගාස්තුව සංශෝධනය නොකළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය පවසද්දී ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසුගිය ජනවාරි මාසයේදී සියයට 20 කින් විදුලිය ගාස්තු පහළ දැමීමට අනුමැතිය ලබා දුන්නේය.
ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ පසුගිය ජනවාරි මාසයේදී විදුලිය ගාස්තු සංශෝධනය කිරීමෙන් පසුව 2022 වසරට පෙර පාඩු ලැබූ පරිද්දෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය නැවතත් පාඩු ලැබීමට පටන් ගත් බවය.
2022 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 473 ක් පාඩුවක් වාර්තා කළේය.2022 වසරේදී මෙරට ආර්ථිකය කඩා වැටීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ප්‍රකාරව අවස්ථා දෙකකදී විදුලිබිල ඉහළ දැමුවේය. එහි ප්‍රතිඵලයක් ලෙස විදුලිබල මණ්ඩලය 2023 වසරේදී රුපියල් බිලියන 61 ක ලාභයක් ලැබූ අතර පසුගිය වසරේදී රුපියල් බිලියන 141 ක ලාභය වාර්තා කළේය.
එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසර අවසානය වනවිට ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 271 දක්වා පහළ ගියේය. නැවතත් පසුගිය පෙබරවාරි මාසය අවසන් වනවිට ලංකා විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් බිලියන 271.1 දක්වා ඉහළ ගොස් ඇත.
විදුලිබල මණ්ඩලයේ රුපියල් බිලියන 473 ක පාඩුවට දීර්ඝ කාලීන ණය, රාජ්‍ය බැංකුවලින් ලබාදී ඇති අයිරා පහසුකම්, පොළී ගෙවීම්,ලංකා ඛනිජතෙල් සංස්ථාවට සහ පුද්ගලික විදුලිබලාගාරවලට කිරීමට තිබෙන ගෙවීම් ඇතුළත් විය.
COMMENTS
ආණ්ඩු ව්‍යාපාර නොකළ යුත්තේ ඇයි? ඔන්න උත්තරය. මාලිමාවුන් පිස්සු පූසන් වගේ පිඹගෙන ඒවි, එත් එකම විසඳුම පුද්ගලීකරණය කරන එක. බිලියන ගණන් පාඩු වෙනවා කියන එක මාලිමාව වගේ ධනවත් පක්ෂයකට සුළු දෙයක් වුණාට මේ දුප්පත් රටේ ආර්ථිකයට දරාගන්න අමාරුයි, අඩුම ගානේ පිරිවැය පියවාගන්න එකවත් කරන්න ඕන. රනිල්ලා කලේ එක, බිල වැඩි කරලා ඕන ගොනෙක්ට ලාබ ගන්න පුළුවන්, ඔවු එක තමා ක්‍රමේ, මාලිමාවට මාස ගානක් දුන්න ඔන්න කරලා පෙන්නපන් කියල, කෝ ඉතින් දූෂණ අවම කළා, අරම කළා මේම කළා කිව්වට පාඩුව තවමත් තියෙනවා. ඉතින් තේරෙනවා නේ, මොකක්ද අර්බුදය කියලා. ඊළඟ ජනාධිපතිවරණය ආවම මේ කාලකන්නි ආණ්ඩුව පරද්දන්න.
විදුලි බල මණ්ඩලයට ඔය තරම් පාඩු තිබුණත්, සේවක පඩි නඩි කොහොමද ? විවිධාකාර අවස්ථාවලදී ඒවා වැඩි කරගෙන තිබෙනවා නේද?
ලිපිය කියවන විට එහි ඇතුලත් කරුනු බොහෝ ප්‍රමාණයකට එකඟ වූවත් දේශපාලන බලාධිකාරිය අත පෙවීමක් තියෙනවා කියන එක නම් පිලිගන්න බෑ. මොකද මේ ඉතිහාසයේ බිහිවුණ සුජාතම ආන්ඩුව. එහෙම ආන්ඩුවකින් මෙහෙම වෙන්න බෑ.
විදුලිබල මණ්ඩලයේ දැරිය නොහැකි දීමනා, වැටුප් හා සියලුම ශ්‍රේණිවල සේවකයන් ගණන සංශෝධනය විය යුතුමයි.
අපේ පුරුදු හොරකම් ටික කරගෙන අපිට ඉන්න දෙන්න අයියෝ.
පහු ගිය ටික එනර්ජි සෙක්ටර් එකේ හොඳ තීරණ ටිකක් මෙතුමා ගත්තා. NPP ආණ්ඩුව මේ ගොන් වැඩෙත් කළා නම් වැඩි කල් යන්නට කළින් මේ රජය ෆේල් වෙනවා ශුවර් එකටම...
දවල්ට අව්ව... රෑට වැස්ස තියෙනවා. රටේ විදුලිය උත්පාදනය සූර්ය හා ජල විදුලියෙන් රටම දුවන්න පුළුවන් කාලේ බිල්ලට දෙන්න හදන්නේ පාරිභෝගිකයින්ව... මේ මණ්ඩලයේ තියෙන මාෆියාවට මේ ආණ්ඩුවත් බයයි වගේ. හැම පියස්සකටම සූර්ය උත්පාදක දීලා අපූරුවට යන්න පුළුවන්. ඒත් මණ්ඩලේට කොමිෂන් නෑ හින්දා ඒවා බෑ. කරුමයක් මේ රටේ ඉන්න එක...
නැව් පච අනුරයි, වඳුරු ඇමතියි ඔය කොරලා තියෙන්නේ. මන්ද මානසික මාලිමා හොරුන් එක්ක කරන්න බෑ කියලා ඉල්ලා අස්වන දහවන සභාපති වෙන්න ඕනෑ.
ඉදිරියේ දවසක් ඒවි අධික ජීවන වියදම් සහ සියලු අනීතික පීඩනයන් දරාගත නොහැකිව මාලිමා ආධාරකරුවන් විසින්ම රජය පලවා හරින දිනයක්...
ඒ කියන්නේ මෙයා අස්වෙලා තියෙන්නේ විදුලි බිල වැඩිකරන්න දුන්නේ නැහැ කියලද?
ලාබ ලබන කොටනේ ඔතන ඉන්න අයට බෝනස් හම්බ වෙන්නේ නේද?
හරියට කරන්න බැරි නම් යන්න...
ඇත්ත කතාව පසුව දැනගන්න ලැබෙනවා.
දැන් ගොක්කොළ පේනවා. ගෝඨා අරතරම් ව්‍යවසනයක් මැද්දේ අවුරුදු 2 ක් ගියා මෙයාලාට අවුරුද්දක්වත් බෑ වගේ. හැබැයි ගෝඨා වගේ යයි කියලා හිතන්න අමාරුයි. මෙයාලාට පුරුදු විදියට රටම ලේ විලක් කරයි...!
එතුමා මේ තනතුර බාර ගත්තේම මාස 6කට. පවුලේ කටයුත්තක් සඳහා විදේශ ගත වෙන්න සිදුවන බව තනතුර බාරගන්න ජනාධිපති පෞද්ගලිකව ඉල්ලන අවස්ථාව වන විටත් දැන ගෙන සිටිය නිසා ඒ බව කියලාම තමයි ගත්තේ. දැන් එතුමාට සහ එතුමන්ගේ බිරිඳට එම කටයුත්ත සඳහා විදේශගත වන්න වෙන නිසා එතුමා යනවා. ඇමැති, ජනාධිපති විකල්ප යෝජනා කළත් එතුමා බාරගන්න කැමැති නෑ. බක පණ්ඩිත ඊනියා විශේෂඥයෝ, පුනර්ජනනීය මාෆියාවේ සල්ලිවලට කුලියට ලියන විශේෂඥයෝ කියන උදවිය මොනවා කිව්වත් හරි දැක්මක් තිබුණ වැදගත් පුද්ගලයෙක්. රටේ විදුලිබල ක්ෂේත්‍රය හරි මගට ගන්න අඩිතාලම දාගෙන ආව ක්ෂේත්‍රයේ ඇත්තම ප්‍රවීණයෙක්. ටික කාලයකින් ආයේම ලංකාවට ඇවිත් පුළුවන් විදිහට උදව් කරයි...