
(රංජිත් රාජපක්ෂ)
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටුවේ නිලධාරිහු බස් අනතුර සිදු වූ ස්ථානයේ සහ අනතුරට පත් බස් රථය පරික්ෂා කිරිම සදහා කොත්මලේට අද දින පැමිණියහ.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා ඇතුලු කණ්ඩායම බස් අනතුර සිදු වූ ස්ථානයේ නිරික්ෂණය කිරිමෙන් අනතුරුව කොත්මලේ පොලිසිය වෙත ගොස් පොලිසියේදි අනතුරට පත් බස් රථය පරික්ෂා කිරිමෙන් අනතුරුව පොලිසිය තුලදි සාකච්ඡාවකද නිරත විය.
මෙම අනතුර සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කර එහි වාර්ථාව පොලිස්පතිවරයා වෙත ලබා දීමට නියමිතය.
මෙම කමිටුව සමග නුවරඑලිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ මහතාද සහභාගි විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළදාව විකුණන් කාපු කාලකන්නි සාපෙ මුළු රටටම වැදිලා...
අන්තිමට ජීවිතය පූජා කළ රියදුරු මහතාට වරද පටවයිද කියලා නම් දන්නෙ නැහැ. ඒ තරමට ලොවෙත් නැති දක්ෂ විශ්ලේෂකයොයි , පරීක්ෂකයෝයි නේ අපේ රටේ ඉන්නේ. හරියටම දැක්කා වගේ, බලාගෙන හිටියා වගේ රියදුරු මහතාගේ නොසැලකිල්ල සහ නින්ද යාම නිසා මෙම අනතුර සිදු වූවා කියලා සිද්ධිය වහලා දායි