
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
වෙසක් සිරි නැරඹීමට යමින් සිටි මහජනයාට පීඩාවක් වන අයුරින් මෙන්ම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහන වලටද පීඩාවක් ඇතිවන අයුරින් අධික ලෙස ශබ්ද නගනිමින් යතුරුපැදි ධාවනය කරමින් සිටියදී මෙම තරුණයන් බණ්ඩාරගම නගරය සහ අවට ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.
අධිබල යතුරුපැදි හතරේ ලියාපදිංචි අංක තහඩු පරික්ෂා කිරීමේදී ඒවා සැකකටයුතු ඒවා බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පගාව ගන්නේ නැතිව අත්අඩංගුවට ගත්තු එක පුදුමයි.
හරිනේ අමාරුව... අපරාදේ මුදල්...
මේවා රාජසන්තක කරන්න. පාරේ යන්නැති බයයි මේ සිඟිති පාතාල මැරයෝ නිසා...!
ආසාවට ලස්සනට පදින්නේ නැතුව සෙවල පෙරන්න ගියාම ඔහෝම වෙනවා.
බලමු පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන විදිහ ඔය කාරණාව ගැන...
මේ සඳහා පැදිකරුවන්ට පෙර මේවා රටතුළට පැමිණියේ කෙසේදැයි කියා විමර්ශණය කළ යුතුයි. එතැන් පටන් නීතිය ක්‍රියාත්මක කිරීමයි වැදගත්...
ඕවා පොලිසියේ ෂෝ... ගම්වලට ගිහින් බලන්න. ඔයිට වඩා 10 ගුණයක් වඩා වටින හොර බයික් තියෙනවා.
2010 වගේ පිලිපීන් වල නීති විරෝධී වාහන අල්ලලා, නඩු කටයුතු වලින් පස්සේ පේලියට තියලා ප්‍රසිද්ධියේ ඒවා උඩින් ගල් රෝලක් යැව්වා. මේවාටත් එහෙම කළා නම් හරි...
කොල්ලෙක්ගෙ බයික් එකක් අල්ලගන්න විතරයි පුලුවන්...වෙන මොනා හරි රටේ හොර වැඩක් අල්ලල ගැම්මෙන් ඉන්න පුලුවන්නම් ගොඩක් හොදයි...
නොදකින් විතරක් හෙන ලොකු වැඩක් කරලා වගේ යකඩ ගොඩක් අල්ලං රගනවා. මේවා ඒ තරම් මොකුත් වැරැදි කියලා දකින කුහකයෝත් ඉන්නවානේ..