ජනපති අපේක්ෂක තව පහකට එන සතියේ නඩු වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැරි ජනාධිපති අපේක්ෂකයන් 12 දෙනාගෙන් ඉතිරි පස්දෙනාට එන සතියේ නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 05 January 2025
දඹදිව සිද්ධස්ථාන වලට අපේ ආධාර අවශ්‍යයි දඹදිව සිද්ධස්ථාන අලුත් වැඩියා කටයුතු සම්බන්ධයෙන් ලක්දිව දානපතියන්ගේ මෙන්ම ආණ්ඩුවේද අවධානය යොමු විය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(5) පැවසීය. 05 January 2025
පතලකදී විදුලි සැර වැදී තරුණයෙක් මරුට බලන්ගොඩ මොරහැල ප්‍රදේශයේ වෙල්යායක ඇති මැණික් පතලකදි තරුණයෙක් විදුලි සැර වැදි අද (05) දා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 05 January 2025
’’ අපි ත්‍රිපෝෂ සමාගම රකිනවා’’ ත්‍රීපෝෂ සමාගම නව්‍යකරණයට ලක්කර සංවර්ධනය කරමින් රජය සතු ආයතනයක් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යාමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 05 January 2025
ලෝක බැංකු අනුග්‍රහයට අගමැතිනියගේ අවධානය මෙරට පාසල් අධ්‍යාපනය නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ යටතේ ලෝක බැංකුවේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල වර්ථමාන ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි. 05 January 2025
දුමින්ද සිල්වාට විශේෂ සැලකීමක් කර නෑ දුමින්ද සිල්වා නැමැති සිරකරුට බන්ධනාගාර රෝහල තුළ විශේෂ සැලකීමක් කර නොමැති බවත් තවදුරටත් බන්ධනාගාර රෝහල තුළ නේවාසික ප්‍රතිකාර කළ යුතුද යන්න පිළිබදව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව විමසීමක් කර ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 05 January 2025
රොහින්ග්‍යා සරණාගතයන් ගැන මුජුබුර්ගෙන් ජනපතිට ලියුමක් මුලතිව් මුහුදේ අතරමංව සිටියදී බේරාගන්නා ලද රොහින්ග්‍යා සරණාගතයන් ඔවුන්ගේ අකමැත්තෙන් නැවත මියන්මාරයට පිටුවහල් කිරීම රටට කැළලක් විය හැකි කාරණයක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා ජනාධිපති අනුර දිසානායක මහතාට ලිපියක් යවමින් සඳහන් කරයි. 05 January 2025
පොකුණ සුද්ධ කරන්න ගිහින් විදුලිය වැදිලා වවුනියාව, කුඩිරිප්පු පිල්ලයාර් කෝවිලේ පොකුණ පිරිසිදු කළ අයකු විදුලිසැර වැදී ඊයේ (04) ජිවිතක්ෂයටපත්ව අැතැයි වවුනියාව පොලිසිය කියයි. 05 January 2025
උපාධිධාරිනිය විදෙස් සිහිනය සැබෑ කරගන්න ‘අයිස් ‘ විකුණලා ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත් ජාවාරම්කරුවකු ගේ මෙරට මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ නිරතව සිටි 20 හැවිරිදි උපාධිධාරී තරුණියක් අයිස් මත්ද්‍රව්‍ය සමගින් අත් අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසය පවසයි. 05 January 2025
කොස්මාමා ගේ මිණිබිරියගේ නිවසේ රන් බඩු - මැණික් කොල්ල තිදෙනකු අල්ලයි ආතර් වී දියේස් හෙවත් කොස්මාමා ගේ මිණිබිරියගේ නිවසක තිබූ රුපියල් ලක්ෂ හැට එකක් පමණ වටිනාකමකින් යුත් රන් භාණ්ඩ සහ මැණික් ගල් සොරකම් කල බව කියන මවක, දියණියක සහ පුත්‍රයා අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 05 January 2025
කෘෂි රසායන තොගයක් සමඟ 4ක් මාට්ටු ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරින් ධීවර බෝට්ටු මඟින් මෙරටට ගෙන්වු කෘෂි රසායන ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු යාපනය , වේලනෙයි , තුරේයූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව යාපනය, විශේෂ කාර්ය බලකාය පවසයි. 05 January 2025
සිසුවිය බිය ගන්වා අසභ්‍ය කෙටි පණිවිඩ- වීඩියෝ යවලා දහතුන් හැවිරිදි පාසල් සිසුවියක බියගන්වා ජංගම දුරකථනයෙන් අසභ්‍ය කෙටි පණිවිඩ සහ වීඩියෝ දර්ශන යවා ඇති බව කියන යුද හමුදා සෙබළෙකු අද(5) අත්අඩංගුවට ගත් බව ශ්‍රී පුර පොලිසිය පවසයි. 05 January 2025
ව්‍යාජ නෝට්ටු සමඟ දෙන්නෙක් මාට්ටු දමන, වානගමුව ප්‍රදේශයේ දුරකතන අලෙවි උපාංග ස්ථානයක් මුවාවෙන් නිවසක ඉතා රහසිගතව පවත්වාගෙනගිය රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් තිදෙනෙකු සහ ව්‍යාජ මුදල් නෝට්ටු සකස් කිරීම සදහා උපයෝගි කරගත් ලැප්ටොප් යන්ත්‍රයක් ඇතුළු උපාංග රැසක් අත්අඩංගුවට ගත් බව දමන පොලීසිය කියයි. 05 January 2025
ගිනි අවියක්- මැගසීනයක්-උණ්ඩ රෙදි සෝදන යන්ත්‍රයකින් මතුවෙයි මත්ද්‍රව්‍ය තොගයක් මේ රටට රැගෙන ආ ධීවරයාත්‍රාවක් සම්බන්ධයෙන් කළ විමර්ශන වලදී හික්කඩු ප්‍රදේශයේ නිවසක රෙදි සෝදන යන්ත්‍රයක් තුළ සඟවා තිබූ පිස්තෝලයක්, මැගසීනයක් සහ උණ්ඩ හතරක් සමග සැකකරුවෝ දෙදෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ(4) අත්අඩංගුවට ගනු ලැබූහ. 05 January 2025
දිවයිනේ බොහෝ ප්‍රදේශයට වැස්ස නෑ සබරගමුව,දකුණ සහ ඌව පළාත්වලත් කළුතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 05 January 2025
දකුණු පළාත් සභාවේ වාහන 201ක් අතුරුදන් දකුණු පළාත් සභාවේ ආයතනවල නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබු වාහන සහ යතුරුපැදි 201ක භෞතික පැවැත්ම තහවුරු කර ගැනිමට නොහැකිවි ඇති බව ජාතික විගණන කාර්යාලය දකුණු පළාත් සභාව සම්බන්දයෙන් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 05 January 2025
ක්ලීන් ශ්‍රී ලංකා දිගරොල්ල පාලම සුන්දර වේ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කය වෙන් කෙරෙන වසර 100 ක් පමණ පැරණි මොරටුව දිගරොල්ල පාලම අවදිමත් ලෙස බැහැර කර දැඩි පාරිසරික හානියක් කර තිබූ කැලිකසල ඉවත් කිරීම කිරීම පානදුර උතුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජීව ලක්මාල් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි 05 January 2025
බල්ලොත් එක්ක සහල් ප්‍රවාහනය කරලා බලන්ගොඩ නගරයේ වෙළෙඳ සල්වලට බෙදාහැරීමට රැගෙන ගිය සහල් තොගයක් සමග සුනඛයින් දෙදෙනකු ද රැගෙන ඒම නිසා එම ලොරි රථය සහ රියදුරු සමග සහයකයා බලන්ගොඩ මහජන සෙඛ්‍ය පරික්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගනු ලැබිය. 04 January 2025
හොර වෛද්‍යවරයකු ලෙසින් රන් බඩු කොල්ල කෑ සාත්තු සේවකයා අල්ලයි කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන සිය මව බැලීමට පැමිණ සිටි කාන්තාවකගේ රන් බඩු වංචනිකව සොරාගත් වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිටි සාත්තු සේවකයෙකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි. 04 January 2025
පුස්තකාලයෙන් රැගෙන ගිය පොත දශක 3 කට පසු ආපසු දශක 30 කට පමණ පෙර, එක්සත් රාජධානියේ ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය ළමා කතා පොතක්, පසුගිය නත්තල් දා යළි පුස්තකාලයට ලැබී ඇත. 04 January 2025
ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර අගැයීම අරඹයි පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර අගැයීම මේ මස 08 සිට 12 දක්වා ආරම්භ කරන බව විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා පැවසීය 04 January 2025
නිදහස් දින උළෙලේ සංවිධාන කමිටුව අගමැතිනිය හමුවෙයි පෙබරවාරි මස 4 වැනිදාට යෙදීී ඇති 77 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පැවැත්වීමට නියමිත නිදහස් දින සැමරුම් උත්සවයේ සංවිධායක කමිටුව සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 04 January 2025
ලාෆ් ගෑස් මිල ගැන තීරණය සඳුදා ලාෆ් ගෑස් මිල මෙම මස (ජනවාරි) සංශෝධනය කරනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය ලබන සඳුදා ප්‍රකාශ කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 04 January 2025
පාර්ලිමේන්තුවේ ලොකු පුටුවලට පිටින් කට්ටිය සේවකයන්ගේ විරෝධය පාර්ලිමේන්තුවේ ඉහළ තනතුරු වලට නිලධාරීන් බාහිරෙන් බඳවා ගැනීමට සාකච්ඡා ආරම්භ වීමෙන් ඊට පාර්ලිමේන්තු සේවකයන්ගේ දැඩි විරෝධය මතුව ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කළේය. 04 January 2025
මැණික් ප්‍රදර්ශනයට ජනපති යයි ජාත්‍යන්තර ’’FACETS Sri Lanka - 2025’’ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (04) ආරම්භ විය. 04 January 2025
කෝටි 28ක රන් රටින් පන්නන්න හැදූ 3ක් මාට්ටු කල්පිටිය බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ මුහුදේදී රුපියල් කෝටි 28කට වැඩි රත්තරන් කිලෝ 11 ක් සහ ග්‍රෑම් 300ක් මෙරටින් රැගෙන යාමට ගිය ධීවර යාත්‍රාවක් සමග පුද්ගලයන් තිදෙනෙකු අද (4) අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 04 January 2025
’ක්ලීන් ශ්‍රී ලංකා’ ගැන බොරු හඬ පටයක් ක්ලීන් ශ්‍රී ලංකා -2025 වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය මගින් ජනතාව වෙත සිදු කෙරෙන දැනුම්දීමයි’ ලෙස ’ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝව අසත්‍ය වීඩියෝවක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 04 January 2025
කොස්තාපල්ගේ ගිනි අවිය පත්තු වී කොස්තාපල්වරිය රෝහලේ මහවෙල පොලිස් ස්ථානයේදී කොස්තාපල්වරයෙකු සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වී උණ්ඩයක් අසල සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ පාදයේ වැදීමෙන් තුවාල ලබා මාතලේ මහ රෝහලට ඇතුළත් කර ඇති බව මහවෙල පොලිසිය පවසයි. 04 January 2025
ලිට්රෝ ගෑස් මිල වෙනස් නොවේ ලිට්රෝ ගෑස් මිල සූත්‍රයට අනුව මෙම මස (ජනවාරි) ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා අද (4) පැවසීය. 04 January 2025
සහල් තවත් ටොන් 3000 ක් එයි ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (4) වන විට ආනයනික සහල් මෙටි්රක්ටොන් 88,000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා අද (4) පස්වරුවේ පැවසීය. 04 January 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026