
(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායකයෝ අද (14) එකඟතාවයකට පැමිණියහ.
මෙම එකකතාවය ඇති වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති රැස්වීමකදීය.
එහිදී ගනු ලැබූ තීරණයකට අනුව බලය පිහිටුවන පළාත් පාලන ආයතන වලට අදාළ නාම ලේඛන සකස් කිරීම සඳහා අදාළ පක්ෂ වල මහ ලේකම්වරුන් හෙට (15) දිනයේදීම හමුවීමට නියමිතය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා,දුමින්ද දිසානායක, පොදු ජන එක්සත් පෙරමුණු නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා,කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි තිගාම්බරන්,ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල,ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන්,නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් අසංක නවරත්න,සුගීෂ්වර බණ්ඩාර,වීර කුමාර දිසානායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,ප්‍රේමනාත් .සී දොළවත්ත,නිමල් ලංසා,මොහොමඩ් මුසම්මිල්, එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් එහි සභාපති වජිර අබේවර්ධන,මහලේකම් තලතා අතුකෝරළ,ජාතික සංවිධායක සාගල රත්නායක,හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහත්වරු සහභාගී වූහ.
පළාත් පාලන ආයතන වල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ මෙම ඒකාබද්ධ රැස්වීම් කැඳවීමේ කාර්යභාරය හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට මෙහිදී පවරනු ලැබීය.
මාලිමාවට එරෙහිව සිටින සියලු කණ්ඩායම් සමග ඉදියේදී සාකච්ඡා කොට බලය පිහිටුවීමට අමතරව ඒකාබද්ධව කටයුතු කිරීමටත් මෙහිදී තීරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර සෙට් එක... එක මිටට...!
හරි , සූත්තර පුංචා සුනාමි හොරුන්වයි මහබැංකු හොරුන්වයි ඇන්ටිජන් හොරුන්වයි ඔක්කෝවම එකතු කරලා මාලිමාවටයි ආපහු රටේ මිනිසුන්ටයි ගේම දෙන්න යන්නේ...
රනිල් ලොක්කා කොහොමත් ඔය වගේ දේවල් කරන්න හොඳ මොල කාරයා.
ආ සජිත්, දැන් හිටපු කතානායක එක්ක එකගෙයි කන්න අවුලක් නැද්ද? ඩීල්, නැහැ... ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ කියපු සජිත් මෙන්න හිරිකිතයක් නැතිව රෙදි නැතිව පාරේ දුවනවා...
හොරු, හොරු සමග හෙළුවෙන්. රටකාපු තක්කඩි හැතිකරේ. දැන් ගම හදන්න පොරකනවා...
චන්දෙ දුන්න මිනිස්සු පව් . වෙන වෙනම අදහස්, ප්‍රතිපත්ති වලට චන්දෙ දුන්නා කියලා හිතුවට , දැන් හැමෝම එක ගෙයි කන්න යන්නේ . ඉස්සරත් උනේ ඔය ටිකමයි .අපි තරහයි කියලා චන්දෙ ගනන්වා පස්සේ එකතු වෙනවා . මුන්ට රැවටිලා චන්දෙ දීපු අමු හරකුන්ට , ආයෙමත් බැංකොලොත් වෙච්ච රටක ඉන්න හිතිලා වගේ
රට බංකොලොත් වෙනකම් බලන් හිටපු බලලෝබී බඩගෝස්තරවාදි කාලකන්නි දුශිත දේසපාලුවෝ ,දැන් ඔක්කොම එකතුවෙලා බලය අල්ලන්ඩ හදනවා..කිසිම සදාචාරයක් නැති එවුන්.ලැජ්ජයි ,හිරිකිතයි,නින්දිතයි .
කැඳහැලියක් හදාගන්න ආඬි කීදෙනෙක් එකතුවෙලාද අප්පා .... චන්ද වේදිකාවල බෙරිහඳුන්නේ නං " හොර ටෙලිෆෝන් එක්ක එකතුවෙන්නේ නැත... හොර පොහොට්ටු එක්ක ආණ්ඩු නැත... හොර අලි එක්ක ගිවිසුම් නැත... හොර අත් කකුල් එක්ක ඩීල් නැත" කියලයි.දැන් බලන් ගියහම " මේගොල්ලෝ සේරම යාලුවොනෙ මල්ලී." බලන්නකෝ එකෙත් හැටි.
පොහොට්ටුව ඇන ගත්තෙත් රනිල්ට ජනාධිපතිකම දීල.. සජබෙ ඇන ගන්නෙත් මේ රනිල්ගෙ උගුලට අහුවෙලා. සජිත්ගේ දේශපාලන යේ අවසානය.
ඒකාබද්ධ විපක්ෂය දශක ගණනාවක් තිස්සේ අකාර්යක්ෂමතාව නිසැකවම ඔප්පු කර ඇති අතර ඔවුන්ගේ පියවර දිගු කාලීනව සාර්ථක වනු ඇතැයි සිතිය නොහැක.
මේ තමයි රටේ අනාගතය වෙනුවෙන් අපි පැතූ වෙනස. මෙහම එකතුවී වැඩ කරන්න හැකිනම් හැමදාම මෙි රටෙි ජාතිවාදය අන්තවාදය පමණක් නොව ජාත්‍යන්තරව රටට එල්ලවන සෑම අභියොගයකටම මුහුණ දෙමින් රටේ අභිවෘද්ධිය උදාකරන එක ඉතාම පහසු දෙයක්.එහෙම වුනොත් ජනතාව පක්ෂ දේශපාලනය තුලින් කාකොටා ගන්න එකට පවා තිත තැබිය හැකියි.එලෙසම සැඟවුනු දුරාචාර පාතාලය පවා පහසුවෙන් මෙල්ල කල හැකියි.එහෙම සියල්ල කල හැකිව තිබියදී අපි මොනවාද මෙච්චර කාලයක් කලේ.එහි අවසන් ප්‍රතිඵලය වුනේ කිසිදු වැදගැම්මකට නැති පච සේනාවකට මෙි රට බිල්ලට ගොදුරු කරවන තැනට අසමගියෙන් අනූනවූ පක්ෂ දේශපාලනය ජනතාව තල්ලු කරවපු එකම පමණයි.අද ජනතාව සියල්ල වැටහිලා.දැන් ඔවුන්ට රිද්මයානුකූල ඉදිරිගාමී සත්‍ය ගරුක දේශපාලන ප්‍රවාහයක් වහාම අවශ්‍යයයි.
බලය පිහිටවලා මොනවද කරන්නෙ?
හරි, එහෙම කොහොමහරි බලය පිහිටෙව්ව කියල කියමුකො, එහෙම කරලා, මාලිමාව කරන දේට වඩා මොකක්ද එයාල කරන්න යන්නෙ?
කිසි කෙනෙක් කතා නොකරන දෙයක් තියෙනවා. විපක්‍ෂයට බොහෝ තැන් වල ආසන ලැබී තියෙන්නේ ලිස්ට් එකෙන් පමණයි. 25% 25% කෝටා එක නිසා මේ මන්ත්‍රී ධූර වලට පත් වෙන්නේ තරුණයන් හා කාන්තාවන් පමණයි. නගරාධිපතිකම් සභාපතිකම් ගන්න බලා ගෙන ඉන්න අයට අවස්තාව ලැබෙන්නේ නෑ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් සිරි නැහැනේ මේකට .අපි පක්ෂිකයෝ වශයෙන් කොහොමද ලේකම් තුමා නැතුව වැඩ කරන්නෙ
කිසිම සදාචාරයක් නැති ආත්මාර්ථකාමී අවස්තාවාදී බලලෝබී දූෂිත දේසපාලුවෝ .ලැජ්ජයි .මේ වගේ බලයට කෑදරකමේ සෙට් වෙන උන් ලෝකෙම නැතුව ඇති .? .
මුං මෙච්චර දගලන්නේ ඇයි ජනතාවට සේවය කරන්න. ජනතාව ගෙදර යැවුයේ මුං මැරිලත් ඔතනම ඉදිවි කියලා නේද