(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන ආයතන සඳහා පත් කරන සභිකයන්ගේ තොරතුරු මේ සතිය ඇතුළත භාර දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට දැනුම් ඇත.
එම නම් තොරතුරු ලැබුණු විගස සවිකයන්ගේ නම් පළාත් පාලන ආයතන අනුව ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොම්ෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.
ඒ ඒ පක්ෂ වලට හිමිවූ මන්ත්‍රී ආසන සංඛ්‍යාව අනුව සභිකයන් තෝරා ගත යුතු ආකාරය පිළිබඳව කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම් වලට දැනුම් දී ඇත.
මීට අමතරව සියයට පනහකට වැඩි බහුතර බලයක් හිමිවූ පළාත් පාලන ආයතන වල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් නම්කර එවන ලෙසටද මැතිවරණ කොමිසම සියලුම දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම් වලට දැනුම් දී ඇත.
පළාත් පාලන ආයතනවල සභිකයන් ගැසට් මගින් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව බහුතර බලය හිමි කරගත් පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන්ද ගැසට් පත්‍ර මගින් ප්‍රසිද්ධියට පත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
’’මන්ත්‍රීවරුන් සතියක් ඇතුළත නම් කරන්න’’
Sanath Thursday, 15 May 2025 01:51 PM
25%