IMG-LOGO

රටේ ඩෙංගු නරක අතට: මර්දනයට වෙනම සතියක්

(සුජිත් හේවාජුලිගේ )

දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ  අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැවසීය.

මේ වසරේ මේ දක්වා කාලය ඇතුළත ඩෙංගු මරණ හතක් වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කළේය.

දිවයින පුරා ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වසම් 38ක් හඳුනාගෙන ඇති බව පැවසූ සමරවීර මහතා පසුගිය වසරේ මැයි අප්‍රේල් මාස වලට සාපේක්ෂව මේ වසරේ මැයි අප්‍රේල් කාලයේදී ඩෙංගු පැතිරීමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කළ බවද ප්‍රකාශ කළේය.

මැයි මාසයේ පමණක් ඩෙංගු රෝගීන් 2355ක් වාර්තා වී ඇති බවත් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් බෙංගු මර්දන ඒකකය පවසයි. බස්නාහිර පළාතෙන් වෙන්වු රෝගීන් වාර්තා වීම සියයට 48 ක් බව සුදත් සමරවීර මහතා පැවසීය.

ඩෙංගු  පැතිරීම පාලනය කිරීම සඳහා ලබන 19 සහ  24 කාලසීමාවේදී  එම රෝග පාලන සතියක් ක්‍රියාත්මක කිරීමට ඩෙංගු  මර්දන ඒක සැලසුම් කර ඇත. ඩෙංගු රෝගය පාලනය කරගැනීම සඳහා තම ගෙවත්තේ සහ රැකියා ස්ථානවල  මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන ලෙස එම ඒකකය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. එසේම දිගු කලක් උණ තත්ත්වයන් පවතින්නේ නම් වහාම ළඟම ඇති රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසටද ඉල්ලීමක් කෙරේ.



අදහස් (2)

රටේ ඩෙංගු නරක අතට: මර්දනයට වෙනම සතියක්

Kamal Koyrala Thursday, 15 May 2025 11:12 AM

නගර සභා, ප්‍රාදේශීය සභා සියල්ල ආක්‍රමණ්‍ය කර ඇත . බල පිහිටුවීමට චන්දය ලැබිලත් තවම බාල ගිරි අද නොවේ හෙට කියා අතන මෙතන සාකච්චා කයිවාරු පමණි .NGO / පරිසර , නිදි .

:       0       4

MaduThursday, 15 May 2025 06:17 PM

ළමයින්ට ඩෙංගු ගොඩක් හැදෙන්නේ පාසල් වලින්. පාසල් පරිසරය පිරිසිදු කිරීමට බලධාරීන් කටයුතු කළ යුතුයි. සෞඛ්‍ය පරීක්ෂක වරු පාසල් වලට යනවා අඩුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site