IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට

(යොහාන් භාසුර)

කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ පෞද්ගලික ධන පරිත්‍යාගශීලින් රැසක් ඉදිරිපත්ව සිටින බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (14) පැවසීය.

මහාමාර්ග අමාත්‍යංශයේ අද (14) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බිමල් රත්නායක මහතා එසේ පැවසීය.

ගැරඩිඇල්ල බස් අනතුරින් මියගිය 23 දෙනා වෙනුවෙන් ජනාධිපති කාර්යාලය රුපියල් ලක්ෂ දහයක වන්දි මුදල එම පුද්ගලයන් පදිංචි ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගිණුම්වලට වෙත ඊයේ බැර කළ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඍජු මැදිහත්වීම මත මෙම වන්දි මුදල් මියගිය අයගේ පවුල් වෙත කඩිනමින් දීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අනතුරුවලින් තුවාල ලැබූවන් 54 දෙනෙකු සිටින අතර ඔවුන්ගේ රෝගී සහ ශාරීරික තත්වයන් සැලකිල්ලට ගෙන එම මගීන්ට ද ඉදිරියේදී වන්දි පිරිනැමීමට ද රජය තීරණය කර ඇති බව කී අමාත්‍යවරයා පැවසුවේ  ඊට අමතරව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය ද මියගිය මගියෙකු වෙනුවෙන්  රුපියල් විසිපන්දහස බැගින් වන්දියක් ද පිරිනමන බවත්ය.

කතරගම සිට කුරුණෑගල දක්වා ගමන් ගත් මෙම බස් රථය පසුගිය 11 වැනිදා කොත්මලේ ගැරඩිඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරට ලක්වූ අතර එහිදී තුවාල ලැබූ 54 දෙනා අතර දරුවන් තිදෙනෙකු ද සිටිති.

එම දරුවන් තිදෙනාගෙන් දරුවෙකුගේ මව්පියෝ අනතුරින් ජිවිතක්ෂයට පත්වූහ.

 



අදහස් (0)

බස් අනතුරින් තුවාල ලැබූ දරුවන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනය ඉදිරියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 439 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site