
(යොහාන් භාසුර)
‘සෝලා’ විදුලි ඒකකයක් වෙනුවෙන් ගෙවන මුදල අඩු කරන්නේ යැයි පැවසුවට එම යෝජනාව මේ දක්වා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවත් ඉහළ ගාස්තු පහත දැමීමක් කළ හොත් බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බවත් සූර්ය බල ඉදිකිරීම් සංගමයේ හිටපු සභාපතිවරයෙක් වන කුෂාන් ජයසූරිය මහතා ‘ලංකාදීප’යට අද (12) පැවසීය.
‘සෝලා’ ගාස්තු අඩු කරන්නේ යැයි මීට මාස කීපයකට පෙර ප්‍රකාශ වුවද මේ දක්වා එය ක්‍රියාත්මක කරන නොමැති බව කී ජයසූරිය මහතා ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් නැවත මාධ්‍යවල වාර්තා පළවන්නේ යැයි දැනගන්නට ලැබී ඇති බව ද සඳහන් කළේය.
ගාස්තු අඩු කිරීමක් කළ හොත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බවත් එවැනි සාකච්ඡාවක් හෝ වෙනත් පියවරක අවශ්‍යතාවක් මේ දක්වා මතුවී නොමැති බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
682
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2351
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1728
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘සෝලා’ විදුලි ගාස්තුව තවම අඩුකර නෑ
kumara Tuesday, 13 May 2025 09:17 AM
ඔච්චර දඟලන්න ඕනද, වර්ජනය කරා නම් ඉවරයිනේ...