IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කණ්ඩලම වාන් දමයි

( කාංචන කුමාර ආරියදාස)

කණ්ඩලම ජලාශයේ වාන් දැමීම ආරම්භ කළ බවත් මේ වන විටත් කණ්ඩලම ජලාශයේ වාන් ජලය දඹුල්ල වෑවල වැව මාර්ගය හරහා ගලා බසින බව මහවැලි අධිකාරිය කියයි.

ඒ අනුව   ජනවාරි පළමුවැනි දා විශාල ජල කඳක් කණ්ඩලම ජලාශයෙ වාන්  දැමීම සිදුකළ බවත් අද (2 ) උදෑසන වන විට යම් මට්ටමකින් වර්ෂාව අඩුවීමත් සමඟ තත්පරයට ගන අඩි හත්සිය අසූවක පමණ ජලයක් කුඩා තම්මන් ඇළ හරහා මිරිස්ගෝනියා ඔය ට වැටී කළා  වැවට ගලා බසින බව  බෝවතැන්න ජලාශ භාර ප්‍රධාන ඉංජිනේරුව බුද්ධික මහේෂ් නවරත්න මහතා සඳහන් කළේය.

කණ්ඩලම ජලාශය වාන් දැමීම දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගය හරහා සිදුවන නිසාවෙන් කුඩා වාහන ගමන් කිරීමෙන් වලකින ලෙසත්   විශාල බස් රථ සහ අනෙකුත් වාහන ද  වාන මතින් ගමන් කිරීමේ දී දැඩි පරිස්සම් විය යුතු බවද ඒ මහතා අවධාරණය කළේය.

කෙසේ වෙතත් අද (02 ) උදෑසන නව පාසල් වාරය ආරම්භ කිරීමත් සමඟ පාසල් සිසුන් රැගත් බස් රථ බොහොමයක් තප්පරයට ගන අඩි හත්සිය අසූවක් වාන්  දමන වාන් වතුරෙන් අනාරක්‍ෂිත ලෙස ගමන් කරන අයුරු දැක ගැනීමට හැකි විය.



අදහස් (1)

කණ්ඩලම වාන් දමයි

karolis Thursday, 02 January 2025 04:36 PM

ලංකාවේ මිනිස්සු වීරයෝ වෙන්න හරි ආසයිනේ. එපා කියලා වැඩක් නෑ.. ඒ හින්දා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site